ලන්ඩන්හිදීය (රොයිටර්ස්)
ගෝලීය ආර්ථිකය දැඩි සුළි කුණාටුවකට හසුවීමේ අවදානමක් ඇතැයි ද ආණ්ඩු සහ මහ බැංකුව ඊට සූදානම් නැතැයි ද අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරියෙක් අද (11) අනතුරු ඇඟවීය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල පසුගිය වසර දෙකක කාලය මුළුල්ලේ ආණ්ඩුවලට මේ පිළිබඳව අනතුරු ඇඟවූ බවත් ඉදිරියේදී ඇති විය හැකි අවදානමකට සූදානම් වන ලෙස පැවැසූ බවත් එම නිලධාරියා කීවේය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ඬේවිඞ් ලිප්ටන් එම කරුණු සඳහන් කළේය.
“ඔබ වගේම මමත් සුළි කුණාටු එන බව දකිනවා. අඳුරු වළාකුළු එක්රැස් වෙමින් තිබෙනවා. අර්බුදයක් ඇතිවීම වැළැක්වීමට ගෙන ඇති පියවර ප්‍රමාණවත් නැහැ” බ්ලූම්බර්ග් සමාගම පැවැත්වූ බැංකු සමුළුවකට එක්වෙමින් ඬේවිඞ් ලිප්ටන් එම කරුණු කීය.
දැන් ඇති වී තිබෙන සීමා සහ අවදානම් තත්ත්ව හේතුවෙන් ප්‍රතිපත්ති සම්පාදකයන් දැඩි පීඩනයකට ලක්ව ඇතැයි ද හෙතෙම අනතුරු ඇඟවීය.
එහිදි ඔහු මෙසේ ද කීය.
“මහ බැංකු නව පියවර ක්‍රමවේද සොයා යාවී. එහෙත් එම සම්ප්‍රදායනුකූල නොවන සහ අලුත් ක්‍රියාමාර්ගවල පලදායී බව අවිනිශ්චිතයි. මූල්‍ය ප්‍රතිපත්තිවල ශක්තිමත් බව පිළිබඳව අපි ශක්තිමත් විය යුතුයි. බොහෝ ආණ්ඩුවලට ඒ කිසිවක් සඳහා ඉඩක් නැහැ. බෙහෝ ආණ්ඩු දැනටමත් විශාල ණයවලට හිරවෙලා. ණය බරින් පෙළෙනවා. මීට අවුරුදු 10කට කලින් සිදු වූ දෙය වනු ඇතැයි අපි අපේක්ෂා කරන්නේ නැහැ. දේශපාලන තත්ත්ව පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි. දේශපාලන තත්ත්ව ද මූල්‍ය තත්ත්ව මෙන්ම ගෝලීය ආර්ථිකය මත බරක් නිර්මාණය කරනවා.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර තිබෙන වෙළෙඳ යුද්ධය දැනට තිබෙන ප්‍රධාන අවදානම බව කිව යුතුයි. තර්ජනයට ලක්ව තිබෙන සියලු බදු ක්‍රියාත්මක කළහොත් 2020 වනවිට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් තුනෙන් අහිමි වන අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කර තිබෙනවා. එහෙම වුණොත් එය අපි විසින්ම ඇති කරගන්නා තුවාලයක් බව කිව යුතුයි”.
055
2025 දෙසැම්බර් මස 04
390
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
441
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
407
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගෝලීය ආර්ථිකය දැඩි අවදානමක - අන්තර්ජාතික මූල්‍ය අරමුදල