ලිබියාවේ හිටපු පාලක මුවමර් ගඩාෆි බලයෙන් විරාජමානව සිටි කාලයේ තම ආරක්ෂාව වෙනුවෙන් විශේෂයෙන් සකස් කර ගෙන සිටි බළකොටුව ළමා උද්‍යානයක් බවට හැරවීමට එරට බලධරයෝ සැරැසෙති.
මුවමර් අල් ගඩාෆි බලයෙන් පහ කිරීමට කැරලිකරුවනුත් ඔවුනට සහය දුන් බටහිර රටවලත් මෙහෙයුම් නිසා 2011 දී මැරුම් කෑවේය.
ගඩාෆිගේ පාලනයෙන් මිදුණු ලිබියාව දැන් පාලනය කෙරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් යටතේය.
මෙම බළකොටුව මුවමර් අල් ගඩාපි ස්වකීය ප්‍රයෝජනය සදහාම විශේෂයෙන් ඉදිකර ගෙන තිබිණි.
එහි තවමත් ඇති පුපුරණ ද්‍රව්‍ය ආදී හානිකර දේ ඉවත් කර කුඩා ළමයිනට විනෝද විය හැකි ආකාරයේ උද්‍යානයක් බවට පත්කිරීම බලධාරීන්ගේ අරමුණය.
ලිබියාවේ අදුරු අතීතය ජනතාවගේ මතකයෙන් මකා දැමිීමට පවතින රජය ගනු ලබන පියවරක් ලෙස මෙය හදුන්වාදිය හැක.
COMMENTS
කවුරු කොහොම කිවුවත් රටක් දියුණු වෙන්න නම් නොසැළී දැඩි තීරණ ගැනීමට හැකිවිය යුතුයි (නි)
ලිබියාව තිබුනට වඩා අන්තවෙලා දැන්. කොහෙත්තම නීතියක් නෑ, තුවක්කුව තමයි රජ කරන්නේ. (ස)
අද ලිබියාව ඉතාමත්ම අස්ථාවර වෙලා.අල්කයිඩාව රජවෙල..හැමතැනම කැරලි කෝලාහල.ලිබියාවේ කිසිදිනක අඳුරු අතීතයක් තිබුනේ නැහැ.බටහිරයන්ගෙ එකම අරමුණ වී තිබුනේ තමන්ගේ අණසකට යට නොවූ දඩබ්බර තද ගති පැවතුම් තිබු ගඩාෆිගේ පාලනය හමාරකර ලිබියාව අස්ථාවර කිරීමටයි.අද එය එලෙසින්ම ඉටු වී තිබේ. මෙය තනිකරම බටහිර කුමන්ත්‍රණයක්.මේ සිදුවීම තනිකරම මානව අයිතීන් උල්ලංඝනය කිරීමක්.එහෙත් මේ වෙනකම්ම ගඩාෆිගේ මානව අයිතීන් වෙනුවෙන් ලෝකයම නිහඩයි.මෙයයි නියම යථාර්තය. නියම යුධ අපරාධකරුවන් තවමත් නිදැල්ලේ. (නි)
ලිබියාව තවත් ඉරාකයක් නොවේවා! (නි)
ලිබියාවේ මිනිස්සුන්ට වුනේ ඉල්ලගෙන කෑමක්. සුරංගනා ලෝකයක් හොයන්න ගීයා. අන්තිමට රටේ සම්පත් පිටරට්ටු සුද්ද කරගෙන යනවා. නිර්භීත නායකයෙක්ව මරා ගත්තා විතරයි. (නදී)