රැකියාව හා මුදල්,දරුවන් හා ගෘහ ජීවිතය සමග පටලවා ගන්නන් ජීවිතයේ සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට අසමත් වන බව කැනඩාවේ බි‍්‍රටිෂ් කොලොම්බියා සරසවියේ මනෝ විද්‍යාඥයෝ පිරිසක් කියති.
මේ තත්ත්වය වැඩි වශයෙන්ම දැකගත හැක්කේ ධනවත් යැයි සමාජයේ සම්මත පවුල් වල යැයි ඔවුන්ගේ අධ්‍යනයන් කියයි.
දරුවන් සිටීම යනු බොහෝ දෙමව්පියන්ට සතුටක් ගෙන දෙන්නක් වන මුත් දෙමව්පියන් දෙදෙනාම මුදල් පසුපසම හඹා යන්නේ නම් ඔවුන් දරුවන් සළකන්නේ කරදරයක් ලෙසින් යැයිද මේ අධ්‍යයනයෙන් සොයාගැනීමට හැකිවී යැයි මනෝ විද්‍යාඥයෝ කියති.
‘‘සල්ලි පසුපස දුවන දෙමව්පියන්ට මේ ඉලක්කය කරා මේ වන විට යා යුතුයියැයි අදහසක් තිබෙන බව අපට පෙනුනා.ඔවුන්ට දරුවන් සිටියත් එම ඉලක්කයන්ට බාධාවක් ලෙස ඔවුන් තම දරුවන්ව සළකන ලෙසක් අප දුටුවා මේ තත්ත්වය වැඩි වශයෙන්ම තිබුණේ මව්වරුන්ගේ.
පෙර අධ්‍යනයන් වලින් හෙළිවී තිබුණු කරුණක් තමයි කාන්තාවන් තමන්ගේ තත්ත්වය අන් අයට වඩා ඉහළින් තබා ගැනීමට වැඩ කටයුතු කරන්නන් කියලා.මේ සදහා ඔවුන් පොළඹවන ප‍්‍රධාන සාධකයක් වන්නේ මුදල්.මෙනිසා රැුකියාවටම කැප වෙලා ඉන්න මවක් ස්වභාවයෙන්ම තමන්ගේ දරුවන්ට නිසි පරිදි සළකන්නේ නැති බව අප දුටුවා‘‘ යැයි කණ්ඩායමේ ප‍්‍රධානී මනෝ විද්‍යාඥ කොස්ටාඩියන් කුෂ්ලෙව් පවසයි.
මෙනිසා මුදල් තිබුණද තෘප්තියක් අත්කර ගැනීමට බොහෝ දෙනාට නොහැකි වී ඇතැයි මනෝ විද්‍යාඥ පිරිස කියති.
අවුල ලිහා ගැනීමට ඔවුන් උපදේශයක් ද දේ.
‘‘රැකියාවයි ගෙදර වැඩකටුයතුයි පටල ගන්න එපා.දරුවන් එක්ක ගත කරද්දී රැකියාවේ කටයුතු ගැන සිතන්න එපා.ඒකට වෙනම කාලයක් දෙන්න.දරුවන්ට දරුවන්ගේ කාලය දෙන්න.අප සියලූ දෙනාට ඉලක්ක තිබෙනවා තමයි.නමුත් ඒවා දිනා ගන්න ඕනේ තමන් සතුව තිබෙන දේවලූත් ආරක්ෂා කරගෙන.සාර්ථක ජීවිතයක් ගත කිරීමට කෙනෙකුට හැකි වන්නේ එතකොට‘‘ මනෝ විද්‍යාඥ කොස්ටාඩියන් කුෂ්ලෙව් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහම සත්‍යයි .දහම පිලි පදින්නන් කොහෙද.? (අ)
සත්‍යයා කාලෙකට පස්සේ සත්‍යයක් කියල තියෙනවා ! (අ)
මේවාට කවුරුත් ප්‍රතිචාර නැහැ. (අ)
මෙය බොහෝදුරට බටහිර රටවලට අදාල කාරණාවකි. එම කලාපයේ දෙමාපියන් ඔවුනොවුන්ගේ සැදෑ සමය බොහෝදුරට දරුවන්ගෙන් හුදෙකලාව ගතකරයි. (අ)
සහතික ඇත්ත (දී)
පැල්පතේ ඇති සාමේ නැත මහ මන්දිරේ (දිල්)
මේක කැනඩාවේ වේ සාමාන්‍ය දෙයක්. මොකද රස්සාවට යන්න බැහැ ළමයි තනියම දාලා අවු 13 ට අඩුනම්. එතකොට එකෙනයි වැඩ කරන්නේ. (අ)
අනාගත ලෝකයේ මෙවැනි ප්‍රශ්න ඇතිවෙන බව වසර 2500 කටත් කලින් බුදුන් වහන්සේ දුටුවා පමණක් නොව ඊට පිළියම් ද කියා දුන්න. තන්හා, ලෝබ, මෝහ වලින් දුරුවී මධ්‍යම ප්‍රතිපදාවෙන් කල් ගෙවන්නේ නම් ද්‍රව්‍යමය හේතුන් නිසා පැන නගින ප්‍රශ්න බොහොමයක් නිරාකරණය කරගත හැකිබව පැවසූ බුදුන් වහන්සේගේ දහමට පිටුපාන ඕනේ ම සමාජයකට ඔය ඉරණම අත්වෙනවා. (අ)
බුදු දහම කියන්නේ බොරු නෙමේ....සිම්පල් නේ..(අ)
මුදල් විසින් සියලු මානව සම්බන්දතා බිඳ වැටි මුදල පමණක් අති පූජනීය වෙන බව කාල් මාක්ස් නමැති දර්ශනිකයත් කිව්වා. (දී)