IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


කසකස්තාන රජය ඉල්ලා අස්වෙයි

ඉහළ දැමුණු එල්.පී. ගෑස් සම්බන්ධයෙන් ආරම්භ වූ විරෝධතා උත්සන්න වීමත් සමඟ කසක්සාතාන අග්‍රාමාත්‍ය අස්කාර් මමීන් ප්‍රමුඛ රජය ඊයේ (5) ඉල්ලා අස්විය.

රජය ඉල්ලා අස්වුවත්, ප්‍රචණ්ඩකාරී විරෝධතාවල කිසිදු අඩුවක් දකින්න නොලැබුණු බැවින් කසක්ස්තාන ජනාධිපති කාසිම් ජොමාර්ට් ටොකයේව් හදිසි නීතිය පනවා, රටේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට රුසියාවේ සහාය පැතුවේය.‍

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ ඉල්ලා අස්වීම බාරගත් කසක්ස්තාන ජනාධිපති කාසිම් ජොමාර්ට් ටොකයේව්, හදිසි නීතිය පැනැවූයේ ඇල්මැටි නගරටය. ඇල්මැටි යනු කසක්ස්තානයේ විශාලතම නගරයයි. ඇල්මැටි නගරයේ විරෝධතා උත්සන්න වූයේ පසුගිය දෙදින ඇතුළතය.

දස දහස් ගණනින් විරෝධතාකරුවෝ නගරයට රැස්ව, මාර්ග හරස් කරමින්, ඔවුන් විසුරුවා හැරීමට යොදවා තිබුණු පොලිසිය සහ හමුදාව සමඟ ගැටෙමින්, දේපොල හානි සිදු කරමින් ගොඩනැගිලි සහ මෝටර් රථ පුළුස්සා දමන්න වූහ.

රජයේ ගොඩනැගිලි බොහොමයක් මේ වනවිට විරෝධතාකරුවන්ගේ පාලනය යටතේ පවතින බව ද වාර්තා වේ. ඊට අමතරව, කලහකාරී ලෙස හැසිරුණු 10,000 කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවේ පසුවන බව ද වාර්තා වේ.

අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවය අයත් කසක්සාතනය තෙල් නිෂ්පාදනය කරන මධ්‍යම ආසියාවට අයත් රාජ්‍යයකි. කසක්ස්තානයේ ස්වභාවික සම්පත් බහුලය. මිලියන 19 ක් පමණ ජනගහනයක් වෙසෙන කසක්ස්තානයේ රජයට එරෙහි දැවැන්ත ප්‍රචණ්ඩකාරී විරෝධතා රැල්ලක් ආරම්භ වුණු පළමු අවස්ථාව මෙය වෙයි.

සාමාන්‍යයෙන් සෑම වසරකම ජනවාරි මාසය දැඩි සීත කාලගුණයකින් යුක්ත අතර කසක්සාත වැසියේ නිවෙස්වල තම පවුලේ සාමාජිකයන් සමඟ නිවාඩු ගත කරති. රටේ පවතින්නේ සාමකාමී තත්ත්වයකි. කෙසේ නමුත්, මෙවර එය සම්පූර්ණයෙන් වෙනස් ස්වරූපයක් ගත්තේය.

විරෝධතා ආරම්භ වූයේ පසුගිය දෙවැනිදාය. ඒ, රජය එල්.පී. ගෑස් මිල තීරණය කිරීම වෙළෙඳ පොළට පවරා දීමට තීරණය කිරීමත් ඒ අනුව, ගෑස් මිල ඉහළ ගියේය. කසක්ස්තානයේ එල්.පී. ගෑස් ඉතා අඩුව පැවතීම නිසා එරට බොහෝ මෝටර් රථ හිමියන් තම වාහන භාවිත කළ හැකි පරිදි වෙනස්කර තිබුණි. ඉන්ධන මිල සංශෝධන ජනතාව අතරේ දැඩි කෝපයට හේතුවක් විය.

කසක්ස්තානයේ නන් දෙසින් විරෝධතා හටගත් අතර පසුව එම විරෝධතා ඇල්මැටි නගරය තෙක් ව්‍යාප්ත විය. විරෝධතා උත්සන්න වූයේ ඇල්මැටි නගරය කේන්ද්‍රකොට ගනිමිනි.

අග්‍රාමාත්‍ය අස්කාර් මමීන් ප්‍රමුඛ රජයේ ඉල්ලා අස්වීම ජනාධිපති කාසිම් ජොමාර්ට් ටොකයේව් බාර ගත් අවස්ථාවේ විරෝධතා අඩුවක් සිදුවේවි යැයි විශ්වාස කළත් එවැන්නක් දකින්න නොලැබුණි. විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් හේතුවෙන් පොලිසියේ 500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

රජය ඉල්ලා අස්වුවත්, විරෝධතාවල අඩුවක් දකින්න නොලැබුණු බැවින් ජනාධිපති කාසිම් ජමර්තා කයේව්ෆ් රුසියාවේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගත් 'සෙස්ටෝ' ආරක්ෂක සංවිධානයෙන් සහාය ඉල්ලීමක් කළේය. ඒ, 'කුමන්ත්‍රණකාරින්ගේ උසි ගැන්වීමෙන් ත්‍රස්තවාදීන් රට අස්ථාවර කරනවා' යැයි චෝදනා නගමිනි. 'සෙස්ටෝ' යනු සෝවියට් සමූහාණ්ඩුවෙන් වෙන් වී, රුසියාවට සහාය දක්වන රටවල් අතරේ ඇති කර ගත් අරක්ෂක සන්ධානයයි.

(රොයිටර්)



අදහස් (1)

කසකස්තාන රජය ඉල්ලා අස්වෙයි

fairoos Thursday, 06 January 2022 02:44 PM

ලංකාවේ අපි එච්චර මෝඩ නැහැ... වහල්ලුන්..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1037 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site