IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කාෂ්මීරයේ සමාජ මාධ්‍ය ජාලා අවහිර කෙරේ

ඉන්දියානු පාලන කාෂ්මීර ප්‍රදේශයේ වී.පී.එන් යෙදුම් භාවිතයෙන් සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම ද අවහිර කරමින් සිටින බව එරට පොලිසිය පවසයි.

බලධාරින් විසින් කාෂ්මීර ප්‍රදේශයේ අන්තර්ජාල පහසුකම් සීමිත ලෙස ස්ථාපනය කළද තවදුරටත් සීමා කර ඇති  සමාජ මාධ්‍ය ජාලා සඳහා වීපීඑන් සහ ප්‍රොක්සි හරහා ප්‍රවේශ වීමට ජනතාව පෙළඹීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ මෙලෙස වෙනත් ක්‍රම වලින් සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසෙන්නන් කළබල ඇති කිරීමට උත්සාහ කරන බවයි.

සමාජ මාධ්‍ය ජාලා හරහා ඉන්දියානු විරෝධී ප්‍රචාරයන් හා බෙදුම්වාදී අදහස් ද ව්‍යාජ තොරතුරු ද ප්‍රචාරය කළ 100 දෙනකු පමණ හඳුනාගෙන ඇති බව බන්දියානු පොලිසිය පවසයි.

මෙවැනි පුද්ගලයන් කිහිපදෙනකුට විරුද්ධව නඩු පවරා ඇති බවද ඔවුහු සඳහන් කරති.

ජම්මු හා කාෂ්මීර ටෙලිකොම් නිලධාරියෙකු පැවසුවේ කාෂ්මීරයේ වීපීඑන් භාවිතය කඩාකප්පල් කිරීමට මෘදුකාංග ඉංජිනේරුවන්ගේ කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවයි.

අවහිර කිරීම් සිදුකළද වීපීඑන් ලිපිනයන් මාරුකරමින් අන්තර්ජාලයට පිවිසය හැකි නිසා මෙය එතරම් පහසු ක්‍රියාවලියක් නොවන බව මෘදුකාංග ඉංජිනේරුවෝ පවසති.

"එය අඛණ්ඩ ක්‍රියාවලියක්. අපි සමහරක් අවහිර කරන අතර ඔවුන් තවත් බොහෝ මාර්ග සොයාගනී. එය හරියට බළලුන් හා මූසික ක්‍රීඩාවක් වැනිය."

අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය විසින් පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මුස්ලිම් බහුතරයක් වෙසෙන කාෂ්මීර කලාපයේ විශේෂ වරප්‍රාසාද අහෝසි කළේය.

අසේම පුරවැසි නීතියට එරෙහිව සිදුවූ විරෝධතා හේතුවෙන් දිල්ලි ඇතුළු ප්‍රදේශ කිහිපයකද අන්තර්ජාල පිවිසුම් සීමා කළේය.

2018 වර්ෂය වනවිට ලොව අන්තර්ජාල අවහිර කිරීම් සම්බන්දව ඉන්දියාව පෙරමුණ ගෙන සිටින බව අන්තර්ජාල උපදේශක කණ්ඩායමක් වන ඇක්සස් නව් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහන් වේ.

ඔවුන් පවසන්නේ එය ලොව පුරා වාර්තා වී ඇති සංඛ්‍යාවෙන් සියයට 65ක් බවයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

කාෂ්මීරයේ සමාජ මාධ්‍ය ජාලා අවහිර කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site