කාශ්මීරයේ බෙදුම්වාදී නායකයකු බව කියන බුර්හාන් වානි ඉන්දීය හමුදා අතින් ඝාතනයට ලක්වීමත් සමග කාශ්මීර දේශ සීමාවේ ඇතිවූ විරෝධතා හේතුවෙන් පුද්ගලයන් 11 දෙනකු මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ආරක්ෂක නිලධාරීන් 96ක් ඇතුළු පුද්ගලයන් 120 දෙනකු තුවාල ලබා ඇත.
කාශ්මීරයේ විශාල පෙදෙසක් ආවරණය වන පරිදි ඇඳිරි නීතිය පනවා ඇතැයි ද කියති.
තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක බල ඇණි 30ක් පමණ කැඳවා ඇතැයි ද දකුණු කාශ්මීරයේ සන්නිවේදන සබඳතා බිඳ වැටී ඇතැයි ද කියති. දුම්රිය ගමන්ද නවතා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිවාදී හෝ ආගම්වාදී හේතු පෙන්වමින් රටවල් හෝ නගර දෙකඩ කිරීමේ විපාක පෙන්වන හොඳම උදාහරණය මෙය වේ. (නි)