නැම්බියාවේ වියළි භූමි ප්‍රදේශයක සිදුකළ පරීක්ෂණයකින් වත්මන් ගල්පර නිර්මාණය වීමට කවච සහිත ජීවීන් උපකාරී වී ඇතැයි තහවුරු වූ බව එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති. ඔවුන් පවසන්නේ අදින් වසර කෝටි 55ට පමණ පෙර ජීවත් වූ කුඩා ජීවීන්ගේ ඝන කවච එක්වී මේ ගල්පර නිර්මාණය වී ඇති බවයි.
විද්‍යාඥයින් පවසන්නේ ජලයේ ජීවත්වන කුඩා ජීවීන්ට තම ආරක්ෂාව සඳහා ආවරණයක් නිර්මාණය කර ගැනීමට අතීතයේ පටන් හැකියාව තිබී ඇති බවයි. මේ ගල්පර නිර්මාණය වන්නට ඇත්තේ කවච නිර්මාණය කිරිමේ හැකියාව සහිත මුල් ම ජීවීන්ගෙන් විය හැකි බව ද පර්යේෂකයන්ගේ විශ්වාසයයි. මේ අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ එම කුඩා ජීවීන් එක් පෘෂ්ඨයක් මත තදින් ඇලී ඒ වටා ආවරණයක් සාදා ගන්නා බවයි. එම ආවරණය ඔවුන් විසින් ම සාදා ගත් කැල්සියම් කාබනේට් බදාමයකි නිපදවන අතර ජීවින් ගණනාවක් එකතු වී සාදන කවචවලින් ගල්පරය නිර්මාණය වේ. එහි ඇතුළත ඇති කුහරමය ව්‍යුහය හේතුවෙන් මෙහි ශක්තිමත් බව අධිකය.
මෙම කුඩා ජීවීන් ක්ලවුඩිනා නමින් නම්කැර ඇත. පාෂාණ සොයාගත් ස්ථානය අතීතයේ මුහුදුබඩ ප්‍රදේශයක් වන්නට ඇති බවත් තහවුරු වී ඇත.
ක්ලවුඩිනා ඉතාමත් කුඩා මෘදු සිරුරක් සහිත නොගැඹුරු මුහුදේ ජීවත් වූ ජීවියෙකි. පොසිල අධ්‍යයනය කිරීමේ දී ඒ බව සනාථ වෙයි.
එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් මීට පෙර සිදු කරන ලද පර්යේෂණ හා මෙම පර්‍යේෂණය භාවිතා කර ගනිමින් මේ ජීවීන්ගේ හැසිරීම් රටා හා ජීවන පැවැත්ම පිළිබඳව කරුණු රාශියක් සොයා ගැනීමට හැකියාව ලැබී ඇත.
ගවේෂකයන් පවසන්නේ මෙම ජීවීන්ට තමන් සාදාගන්නා ආවරණය රිසි පරිදි වෙනස් කර ගැනීමේ හැකියාව ද තිබී ඇති බවයි. එමෙන් ම එම ආවරණය තමාට අවශ්‍ය ආහාර කොටස් ලබාගැනීමට ද උපකාරී වන සේ නිර්මාණය කරගෙන තිබෙන්නට ඇතැයි ද ඔවන්ගේ මතය වී තිබේ.
එඩින්බර්ග් සරසවියේ මහාචාර්ය රැචල් වුඩ් පවසන්නේ නූතනයේ නිර්මාණය වන කවච අලංකාරය හා විචිත්‍රවත් ලෙස නිර්මාණය වී ඇතත් අතීතයේ එය හුදු ආරක්ෂාව වෙන්වෙන් ම පමණක් භාවිත වූ බැවින් අලංකාරවත් ලෙස නොව දැඩි ශක්තියකින් යුතුව නිර්මාණය වී ඇති බවයි. පාෂාණ සෑදීමට හේතු වී ඇත්තේ මේ දැඩි ශක්තිමත් බවයි.
2025 දෙසැම්බර් මස 18
350
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1008
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කවචයෝ ගල්පර සාදති ?
සමීර Saturday, 05 July 2014 09:18 PM
ඉතින් මේ සත්වයින් කොරල් පර හදන්න මූලික වන සතුන් වගේ ම බවයි මට හිතෙන්නේ. මේ ලින්ක් එක කියන්නේ එම සතුන්ගේ ගති ගුණ ගැන.. http://lankascience.com/news_in_full.php?id=65. (දී)