මයික්‍රොනීසියාවේ චූක් ජාත්‍යන්තර ගුවන් තොටුපලින් පිටත් වූ මගී යානයක් ගුවන් ගතවී සුළු මොහොතකින් ආසන්නයේ පිහිටි කලපුවකට ඇද වැටී ඇති බවත් එහි සිටි මගීන් 35 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 12දෙනා බේරාගත් බවත් වාර්තා වේ.
මෙය පැපුවා නිව්ගිනියාවට අයත් යානයකි. බලධාරීන් පවසන්නේ යානය කඩා වැටීමට හේතුව පැහැදිලි නැති බවයි.
ගුවන් ධාවන පථයට යාර 160ක් දුරින් කලපුවේ නොගැඹුරු ප්‍රදේශයකට යානය ඇද වැටී ඇති බව පැවසේ.
මයික්‍රොනීසියාවේ පොන්පෙයි දූපතේ සිට පැපුවා නිව්ගිනියාවේ අගනුවර වන පෝර්ට් මොරෙස්බි වෙත ගමන් කරමින් තිබූ යානය මයික්‍රොනීසියාවට අයත් වෙනෝ දූපතේ නවත්වා නැවත ගමන් ආරම්භ කරන අවස්ථාවේ දී මෙම අනතුර සිදුවී තිබේ.
(බීබීසී පුවත් ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd