චීනයේ මූලිකත්වයෙන් කෙරෙන කලාපීය ආර්ථික ගිවිසුමකට අකැමැත්තක් නැතැයි ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් පැවසීය. 

කෙසේ නමුත් පසුගිය වසරේදී චීනය රටවල් 14ක එකඟත්වයෙන් ඉදිරිපත් කළ ආර්ථික ගිවිසුමෙන් ඉන්දියාව ඉවත් විය. 


චීනය ඉකුත් නොවැම්බර් මාසයේදී රටවල් 14ක් සමඟ එක්ව කලාපීය පුළුල් ආර්ථික සහයෝගීතා ගිවිසුමට (ආර්.සී.ඊ.පී) එක්විය.

එම ආර්ථික ගිවිසුමෙන් සිය ගොවීන්ට, ව්‍යාපාරිකයන්ට, සේවකයන්ට සහ පාරිභෝගිකයන්ට හානි සිදුවන බව පවසමින් ඉන්දියාව අවසන් මොහොතේදී ඉන් ඉවත් විය. 


ආසියාන් සංවිධානයේ සාමාජික රටවල් සියල්ල, චීනය, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය එම ගිවිසුමට එක්විය. 


“ආර්.සී.ඊ.පී. ගිවිසුම සැලකිල්ලට ගත්තාම අපිට එහි පිරිවැය සහ ප්‍රතිලාභ දිහා බලන්න වෙනවා. අපි එම ගිවිසුම නැවත සලකා බලනවා. එහි ආර්ථික සහ වෙළෙඳ යෝග්‍යතාව ගැන විමසිලිමත් වෙනවා. අපි එම ගිවිසුම අමතක කරලා නැහැ” යැයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා කීවේය. 

 

රොයිටර්

055