තුර්කියේ ගිනිකොන දිග හකාරි පළාතේ කාර් බෝම්බයක් පිපිරීමෙන් 18දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුර්කි අගමැති බිනාලි යිල්ඩ්‍රිම් පවසන්නේ සොල්දාදුවන් 10දෙනකු හා සිවිල් වැසියන් අටදෙනකු මෙලෙස මියගොස් ඇති බවයි. තවත් සොල්දාදුවන් 16දෙනකු සහ සිවිල් වැසියන් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.
පොලිසියක් ආසන්නයේ පිරික්සුම් ස්ථානයක පිපිරීම සිදුවී ඇති බව තුර්කි රාජ්‍ය මාධ්‍ය පවසා ඇත. ප්‍රහාරයේ වගකීම කිසිවකු භාරගෙන නොමැති අතර ආරක්ෂක අංශ පවසන්නේ තුර්කියේ පොලිසි වලට හා හමුදාවන්ට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන කුර්දිස්ථාන් කම්කරු පක්ෂය විසින් මෙම පිපිරීම ද සිදුකරන්නට ඇති බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd