IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


කැරැලිකරුවන්ගේ බළකොටුවට සිරියා රජයේ හමුදා පහර දෙයි


සිරියානු රජයේ හමුදාව කැරැුලිකරුවන්ගේ ප‍්‍රධාන බළකොටුව ලෙස සැලකෙන කුසයාර් නගරය අත්පත් කරගැනීමට  ඊයේ (20) දැවැන්ත මෙහෙයුමක් දියත් කළේය.
සිරියානු රජයේ පුවත් සේවා පැවැසුවේ රජයේ හමුදා සෙබළුන් 700 කට වැඩි පිරිසක් එම මෙහෙයුමට එක් ව සිටි බවය. ඔවුහු කැරැලිකරුවන්ට පහර දීමට ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා සහ කෙටි දුර මිසයිල ද භාවිතා කළහ.
ඊයේ දිනයේ පමණක් කැරැලිකරුවන් 100 කට වැඩි පිරිසක් ප‍්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූයේ යැයි කැරැලිකරුවන් නියෝජනය කරන ඔවුන්ගේ දේශපාලන හඬ ලෙස සැළකෙන සිරියානු පාලක මණ්ඩලය පැවැසීය.
සිරියානු කැරැලිකරුවන් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී පිහිටුවාගත් එම පාලක මණ්ඩලයට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර සහාය හිමිවෙයි.  කුසයාර් නගරය අල්ලා ගැනීමට ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ද සිරියානු රජයේ හමුදාව සමඟ එක් වී සිටි බවට කැරැලිකරුවෝ චෝදනා කරති.
හිස්බුල්ලා සංවිධානයට අයත් වන්නෝ ෂියා මුස්ලිම්වරුය. ලෙබනනය කේන්ද්‍රකොට ගත් එම සංවිධානය ඊශ‍්‍රායලයේ පරම සතුරා වන ඉරානයේ සමීප මිතුරෙකි.
හිස්බුල්ලා සංවිධානයට මූල්‍ය ආධාර ලැබෙන්නේ ඉරානයෙන් සහ සිරියාවෙනි. අසාද්ගේ රජය පෙරළීමට බටහිර බලවතුන්ට ඉඩ නොදෙන බව හිස්බුල්ලා සංවිධානය අවධාරණය කර ඇත්තේ ද ඒ නිසාය. හිස්බුල්ලා බටහිර විරෝධී ෂියා මුස්ලිම් සටන්කාමී සංවිධානයක් පමණක් නොව දේශපාලන පක්ෂයක් ද වෙයි. එය පිහිටුවූයේ 1985 දීය. එහි නායක හසන් නසරල්ලාය.  
‘හිස්බුල්ලා’ යන්නෙහි අර්ථය ‘දෙවියන්ට පක්ෂපාතී’ එසේත් නැතිනම් ‘දෙවියන්ගේ පක්ෂය’ යන්නය. ඇමෙරිකාව ප‍්‍රමුඛ පටහිර රටවල් හිස්බුල්ලා සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත.
මේ අතර ආජන්ටිනා මාධ්‍යවේදීන් දෙදෙනකු සමඟ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් කියා සිටියේ තමන් බටහිර අනුග‍්‍රහය ලබන කිසිම සාම ගිවිමසුමකට සූදානම් නැති බවත් තමා බලයෙන් ඉවත් නොවන බවත්ය.



අදහස් (0)

කැරැලිකරුවන්ගේ බළකොටුවට සිරියා රජයේ හමුදා පහර දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 84 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 358 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 371 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site