සිය මෝටර් රථය පිපිරිම හේතුවෙන් බෙලරූස්හි මාධ්‍යවේදියකු වන පාවෙල් ෂර්මෙට් (44) මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඔහු එසේ මිය ගොස් ඇත්තේ යුක්රේන අගනුවරදීය. එය කාර් බෝම්බයක් බවද ඇතැම් මාධ්‍ය වාර්තා කියයි. 

ඔහු වසර දෙකකට පෙර යුක්රේනයට පැමිණ ඇත.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවත් පිපිරුම සිදුකර ඇත්තේ දුරස්ථ පාලකයක් මගින් කාර් රථය යට සවිකර තිබූ බෝම්බය පුපුරුවා හැරීමෙන් බවත් යුක්රේන අභ්‍යන්තර කටයුතු ඇමැතිගේ උපදේශක ඇන්ටන් ගෙරාස්චෙන්කෝ ෆේස්බුක් සටහනකින් පවසා ඇත.

රුසියාවේ රූපවාහිනී නාලිකාවක වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙසද කටයුතු කළ පාවෙල් රේඩියෝ වෙස්ටි හි සේවය කළේය.