මාරාන්තික කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු වාර්තා කරන බව ඉරාන රජය අද (24) ප්‍රකාශ කළේය.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය මේ වනවිට ඉරානය ද ඇතුළුව රටවල් 30 ගණනකට ව්‍යාප්ත වී තිබේ.
කොරෝනා වයිරසයෙන් මියගිය සහ ආසාදනයවූවන් සම්බන්ධයෙන් ඉරානය සත්‍ය තොරතුරු වසන් කරන්නේ යැයි චෝදනා එල්ල වී තිබේ.
‘‘කොරෝනා වයිරසයෙන් මියගිය අය පිළිබඳ ලැබෙන තොරතුරු අප ප්‍රකාශ කරනවා. මරණ ගණන හෝ ආසාදිතයන් ගණන සැඟවීමට අවශ්‍ය නැහැ. අපි සත්‍ය ගණන් වාර්තා කරනවා’’ යැයි ඉරාන රජයේ ප්‍රකාශ අලි රබෙයි පැවැසීය.
මාධ්‍ය සාකච්ඡාවක් පවසමින් ඔහු ඒ බව සඳහන් කළ අතර එම මාධ්‍ය හමුව රාජ්‍ය රූපවාහිනි නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කෙරුණි.
කොරෝනා වයිරසය හේතුවෙන් ඉරානයේ 12 දෙනකු මියගොස් ඇතැයි රජය ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් ආණ්ඩුව තොරතුරු වසන් කරන්නේ යැයි ද ඉරානයේ කුම් ශුද්ධ නගරයෙන් පමණක් මරණ 50ක් වාර්තා වී ඇතැයි එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ප්‍රකාශ කළේය.
ආණ්ඩුව සත්‍ය තොරතුරු වසන් කරන්නේ යැයි ද හෙතෙම චෝදනා කළේය.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd