IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කාබුල් නුවර බෝම්බ ප්‍රහාරයකින් හත්දෙනෙකු මරුට

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ෂියා මුස්ලිම් පල්ලියක් අසල සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හත්දෙනෙකු මියගොස් තවත් හත්දෙනෙකු තුවාල වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
පාකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය ප්‍රකාශකයෙකු වන නස්රාත් රහීම් ප්‍රකාශ කරනුයේ 1995 වර්ෂයේදී තලේබාන් සංවිධානය විසින් මරාදමනු ලැබූ ෂියා මුස්ලිම් හෂාරා ජන කොට්ඨාශයට අයත් නායකයකු වූ අබ්දුල් අලී මෂාරි අනුස්මරණය සඳහා පවත්වනු ලැබූ දේව මෙහෙයකට ඇතුල්වීමට උත්සාහ කිරීමේදී මෙම බෝම්බය පුපුරුවාගෙන ඇති බවයි.
 
මෙම ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති නමුත් එරට ආරක්ෂක බලධාරීන් සැකකරනුයේ තලේබාන් සංවිධානය හෝ එරට ක්‍රියාත්මක ඉරාක ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය (ISIS) විසින් මෙම ප්‍රහාරය දියත් කරන්නට ඇති බව විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තාකර ඇත.
 
මෙම ප්‍රහාරය එල්ල වූයේ එරට ජනාධිපති අශ්රෆ් ගානි වසර 16 ක් පුරා පවතින එරට සිවිල් යුද්දයේ මෙම අදියර අවසන් කිරීමට පිණිස සාම සාකච්ඡා සඳහා තලේබාන් සංවිධානයට ආරාධනා කොට සති දෙකක් ගතවන්නටත් මත්තෙන් වීම විශේෂත්වයකි.



අදහස් (0)

කාබුල් නුවර බෝම්බ ප්‍රහාරයකින් හත්දෙනෙකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 141 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site