චීනයේ ශීජියැං පළාතේ වෙන්ශු නගරයේ එක ළඟ තිබූ ගොඩනැගිලි හතරක් කඩා වැටී මිනිසුන් විසි දෙදෙනෙකු පමණ මිය ගිය බව චීන ආරංචි කියයි.
1970දී පමණ ඉදි කර ඇති මෙම ගොඩනැගිලි අබලන් වී තිබූ බවත් සංක්‍රමණික කම්කරුවන් පිරිසක් අඩු කුලියට එහි වාසය කළ බවත් චීන මාධ්‍ය පවසයි.
සුන්බුන් වලට යටවී සිටි හය දෙනකු පමණ බේරා ගැනීමට හැකිවී ඇත.



COMMENTS
මෙම සිදුවීමෙන් මිය ගිය අයට නිවන් සුව පතමි. මෙම ගොඩනැගිලි 1970 වසරේදී ඉදි කරලත් කැඩිලා තියෙන්නේ. ලෝකයේ 1800 ගණන් වල පවා ඉදි කරපු ගොඩනැගිලි තවමත් හොඳින් තියෙනවා. අපේ රටෙත් මේ අය නව ගොඩනැගිලි ඉදි කිරීම් කරනවා. මේ දේවල් සුළුවට හිතන්න බැහැ නේද. අපේ රටෙත් මේ අය කරන ඉදිකිරීම් හොඳට හොයලා බැලුවොත් හොඳයි නේද.? (ර)