ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර දේවස්ථානයක් ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 26දෙනකු මියගොස් 18දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
අවුරුදු උත්සවයක් සමරමින් සිටි සුළු ජාතික ශියා සාමාජිකයින් පිරිසක් රැස්වී සිටි ස්ථානයක බෝම්බය පුපුරුවා ගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති නමුත් ශියා කණ්ඩායම් ඉලක්ක කරගෙන පසුගිය කාලය පුරා ප්‍රහාර රැසක් අයිඑස් සංවිධානය එල්ල කැර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.
පොලිසිය පවසන්නේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යාමට ඉඩ ඇති බවයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd