ඉරානය ගෝලීය ආරක්ෂාවට තර්ජනයක් යැයි චෝදනා කරමින් එරට සමඟ සියලූම රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා තාවකාලිකව අත්හිටුවීමට කැනඩා රජය පෙරේදා (8) තීරණය කළේය. ඉරාන තානාපති ඇතුළු එරට රාජ්‍ය නිලධාරීන්ට දින පහක් ඇතුළත වහාම රටින් පිටවන ලෙසටත් නියෝග කළේ යැයි කැනඩා විදේශ ඇමැති ජෝන් බෙයිඞ් පවසයි. විදේශ ඇමැතිවරයා රජය ගත් එම තීරණය මාධ්‍ය හමුවේ ප‍්‍රසිද්ධ කළේ ඇසියා පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුව නැතහොත් ‘ඇපෙක්’ සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීය. ඉරානය ලොවට තර්ජනයක් වී ඇතැයි කැනඩා රජය සිතන නමුත් ඊශ‍්‍රයාලය පවසන ආකාරයට ඉරානය මට්ටු කිරීමට ප‍්‍රහාරයක් එල්ල කළ යුතුයි යන ස්ථාවරයේ හිඳිමින් කැනඩා රජය තීරණ නොගන්නා බව ද විදේශ ඇමැති ජෝන් බෙයිඞ් වැඩිදුරටත් කියා සිටී. කෙසේ නමුත් කැනඩා කොන්සවර්ටිව් රජයත් ඉරානයත් අතර මෙතෙක් කල් පැවැතියේ ඉතා දුරස්ථ වූ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතාවකි. ඉරානයට වඩා ඉරානයේ සතුරකු වී සිටින ඊශ‍්‍රායල කැනඩා රජය සමඟ සමීපව කටයුතු කරයි. ඉරානය සමඟ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා අත්හිටුවීමට කැනඩා රජය ගත් තීරණය ප‍්‍රශංසනීය යැයි ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහූ පවසා ඇත. ඉරානය මෙන්ම ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බව ඉරාන ජාතිකයන්ට ඒත්තු ගැන්වීමට කැනඩාවේ එම තීරණය ඉවහල් වනු ඇතැයි ද ඊශ‍්‍රායල අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටී. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බව තමන් ද විශ්වාස කරන බව කැනඩා රජය වැඩිදුරටත් කියා සිටී. කෙසේ නමුත් ඉරානය තරයේ කියා සිටින්නේ තම න්‍යෂ්ටික වැඩසටහන රටේ බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස කි‍්‍රයාත්මක වන බවය. එය පරමාණු බෝම්බ තැනීමට යොදා නොගන්නා බවට ඉරාන රජය සහතික වෙයි. කෙසේ නමුත් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් මෙන්ම ඊශ‍්‍රායලය ද එය නොපිළිගනී. ඔවුන් පවසන්නේ ඉරානය ලෝක සාමයට තර්ජනයක් කියාය. කැනඩා රජය ගත් තීරණය අසාධාරණ බවත් එම තීරණය වෙනුවෙන් කැනඩාවට වන්දි ගෙවන්න සිදුවනු ඇති බවත් ඉරානය පවසා ඇත. ඉරානය වැඩි දුරටත් පවසා ඇත්තේ කැනඩා රජය එම තීරණය ගත්තේ ඇමෙරිකාවේ රූකඩය වන ඊශ‍්‍රායලයේ බලපෑම් නිසා බවය.
1
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෘහ සේවයට කියලා අරාබි රටවලට ගෙන්න ගන්න ලංකාවේ ගෑනුන්ට වධ දෙන අය තව න්‍යෂ්ටික බලයත් ගත්තොත් කොහොමට හිටීද? (නි)
ඉරාකයේත් ඕව තියෙනව කියල තමයි ගැහුවෙ දැං නැතිලු මෙයාලට ලැජ්ජා නැති හැටි (දී)
මධූට ඔලුවේ අමාරුවද? සහන කාලයක් එක්ක අපිට තෙල් දුන්නේ ඉරානය තමයි. (නි)
සහන මිලට තෙල් ගත්ත කියලා අපිටත් සහන සලසයිද ??
ඉන්දියාවට වඩා ඉරානයේ ඒ මොන අපබ්බ්‍රංශයක්ද ? (ස)
ඉරානය ලෝක සිතියමින් අතුගා දැමිය යුතුයි. (නි)
මොවුන්ට අවශ්‍ය බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය ලොව පුරා පැතිරවීමයි (නි)
බටහිරට දණ ගහන්නෙ නැති රටවල් කොහොමත් ලෝක සාමයට භාධාවක් .(ස)
මධූ, අරන් එන්නකෝ කොස්ස. අතුගාන හැටි කියලා දෙන්නම්.(නි)
මධූ,ඉරානය වගෙ රටවල්වලට පස්සෙ කුරුමානම අල්ලන්නෙ ලංකාවට. (නි)