කැනඩාවේ සිට ඇමෙරිකාවට බොර තෙල් ප‍්‍රවාහනය කිරීමට යෝජිත නළ මාර්ගයකට විරෝධය පළ කරමින් දහස් ගණනක් ඇමෙරිකානුවෝ පෙරේදා (6) ධවල මන්දිරය වට කළහ.
විරෝධතා පුවරු අතැතිව, ජනාධිපති බැරැුක් ඔබාමාට සහ ඔබාමා පරිපාලනයට දොස් පැවැරූ විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ එම බොර තෙල් නළ මාර්ගය ඉදිකළහොත් මහා පාරිසරික විනාශයක් සිදුවනු ඇති බවය.
ඇමෙරිකා ජනපති නිල නිවස පමණක් නොව මහා භාණ්ඩාගාරය ද පිහිටා ඇත්තේ ධවල මන්දිර භූමියේය. විරෝධතාකරුවන් ධවල මන්දිරය වට කිරීමට සූදානම් වන බව කල්තියා දැන ගැනීමත් සමඟ වොෂින්ටන් පොලිස් නිලධාරීන් සීරුවෙන් තැබීමට බලධාරීහු පියවර ගෙන තිබුණි.
කෙසේ නමුත් සාමකාමී අයුරින් විරෝධතාව පැවැත් වූ හෙයින් පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් හට නොගැනුණි.
‘තෙල් වැලි’ මිරිකා නිපදවා ගන්නා බොර තෙල් මෙම නළ මාර්ගය ඔස්සේ කැනඩාවේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට ප‍්‍රවාහනය කිරීමට අපේක්ෂිතය.
වැලි මිරිකා තෙල් ලබා ගැනීමේදී කාබන් වායුව විශාල වශයෙන් වායුගෝලයට එකතු වන බව පරිසරවේදීහු ද පෙන්වා දෙති. පරිසරවේදීන් සිය ගණනක් ද සහභාගී වූ බව ඇමෙරිකා පුවත් සේවා වාර්තා කරයි.
ලබන වසරේ, එනම් 2012 දී ජනාධිපති බැරැක් ඔබාමා යළිත් වරක් ජනාධිපති ධුරයට තරග කිරීමට නියමිත අතර මෙම බොර තෙල් නල මාර්ගය සම්බන්ධ අර්බුදය ඔහුට අවාසියක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
බොර තෙල් නළය සම්බන්ධ යෝජනාව කි‍්‍රයාත්මක කළොත් ඇමෙරිකානුවන්ට රැුකියා අවස්ථා උදාවනු ඇති අතර රටේ බලශක්ති නිෂ්පාදන කටයුතු ද ඉහළ දැමීමට ඇමෙරිකා රජයට හැකියාවක් ලැබේ.
කෙසේ නමුත් බොර තෙල් නළ මාර්ගය සම්බන්ධ යෝජනාවට ජනපති ඔබාමාගේ පාලක ඩිමොක‍්‍රටික් පාක්ෂිකයන් කිහිප දෙනකුගෙන් ද විරෝධයක් එල්ල වී ඇත. මීට අමතරව ජනපති ඔබාමා, කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් අනුගමනය කරන ප‍්‍රතිපත්තිවලට ද ඩිමොක‍්‍රටික් පාක්ෂිකයන්ගේ අකමැත්ත පළ වී ඇතැයි වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
915
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
627
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කැනඩා-ඇමෙරිකා තෙල් නළ මාර්ගයට විරෝධය පා දහස් ගණනක් ඇමෙරිකානුවෝ ධවල මන්දිරය වටලති