මගීන් 92ක් සමග සෝචි නුවර සිට සිරියාව බලා පියාසර කරමින් තිබියදී පසුගියදා කළු මුහුදට කඩා වැටුණු රුසියා යානයේ දෙවැනි කළු පෙට්ටියත් සොයාගැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එම යානයේ දෙවැනි කළු පෙට්ටිය සොයාගත් බව රුසියා බලධාරීහු බදාදා (28) තහවුරු කළහ. රුසියා හමුදා සාමාජිකයන්, රුසියා හමුදාවේ තූර්ය වාදක කණ්ඩායමක් හා මාධ්‍යවේදීන් ද ඇතුළු යානයේ සිටි 92කට දිවි අහිමිවූ බවට වාර්තා වන අතර එය ත්‍රස්ත ප්‍රහාරයක්දැයි මෙතෙක් අනාවරණය කරගෙන නැති බවත් කියති.

සිරියාවේ ලටාකියා වෙත ගමන් කරමින් තිබූ යානය කළු මුහුදට කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. යානයේ කළු පෙට්ටියක් පසුගිය 27 වැනිදා සොයා ගැනිණි.