IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


කිට්ටු ‘‘රෝ‘‘ ඔත්තුකරුවෙක්

රජීව් ගාන්ධි ඝාතනය ඉන්දියා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් යැයි පැවසීමේ වරදක්  නැත. රජීව්ගේ ඝාතනයෙන් පසු දේශපාලකයින්, නීති සම්පාදකයින්, රහස් පරීක්ෂකයින්  ආදී බොහෝ දෙනෙකුගේ ජීවිත කණපිට හැරවුණු අතර එය අද දිනය දක්වාම සිදුවෙමින් පවතින්නකි.

රජීව් ගාන්ධි ඝාතනය කෙරුණේ කෙසේද? යන පැනයට ඉදිරිපත්ව ඇති පිළිතුරු හා පැහැදිලි කිරීම් බොහෝය. ඒවා අතරට තවත් එකක් එක් කරමින් රජීව් ගාන්ධිගේ හිටපු පෞද්ගලික සහයෙකු වන ආර්.ඩී ප්‍රදාන් අතින් ලියැවී ඇති ‘‘රජීව් හා සෝනියා සමග ගෙවුණු මගේ කාලය‘‘  ‘‘මයි ඉයර්ස් විත් රජීව් ඇන්ඩ් සෝනියා‘‘ නම් පොතෙන් හෙළිදරව් කෙරෙනුයේ ඉන්දියා බුද්ධි අංශයන්ද රවටාගෙන රජීව් ගාන්ධි වාසය කළ 10 ජගන්පත් නිවසේ සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු රජීව් ඝාතන තැතට මුල්වූ බවය.

ප්‍රදාන්ගේ හෙළිදරව් කිරීමේද ගත යුතු යමක් තිබෙන්නේ යැයි හිටපු බුද්ධි අංශ නිළධාරියෙකු මෙන්ම ඉන්දියා සාම සාධක හමුදා ශී්‍රලංකාවේ කළ මෙහෙයුම් කටයුතු  වලටද හවුල් වූ කර්නල් ආර්.හරීහරන් පවසන්නේය ‘‘එල්.ටී.ටී.ය ඉන්දියාවේ හොදින් සංවිධානය වෙලා හිටියේ. ඔවුන්ට තමිල්නාඩු දේශපාලඥයන්ගේත් සහය තිබුණා. ඉතින් කාටද කියන්න පුලූවන් දිල්ලියේ සිටි දේශපාලනඥයන් සමහරුන්ගේත් සහය ඔවුන්ට නොතිඛෙන්නට ඇතිය කියලා?‘‘ඔහු කියන්නේය.

රජීව් ගාන්ධි ඝාතනය ගැන පරීක්ෂණ කටයුතු මෙහෙයවූ ඉන්දියා බුද්ධි අංශ ප්‍රධානී  කේ. රාගොතාමන්ද මෙයට පක්ෂව අදහස් පළ කර සිටින්නෙකි. ඔහු එළි දක්වා ඇති ‘‘රජීව් ඝාතන කුමන්ත්‍රණය‘‘  ‘‘ කොන්ස්පිරසි ටු කිල් රජීව් ගාන්ධි‘‘ නම් පොතේ එල්.ටී.ටී.ඊ

නායකයෙකුවූ කිට්ටු (සතාසිවම් ක්‍රිෂ්ණකුමාර්) එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඔත්තු බැලීම සදහා  ඉන්දියාව තෝරා පත්කරගත්තෙකු බව හෙළිදරව් කරයි.

මේ බව එවක ඉන්දියා රෝ ඔත්තු සේවයේ ප්‍රධානී ගෞරි ෂන්කර් වජ්පායි පවා පිළිගත්තක් බවද එම පොතේ වැඩිදුරටත් සදහන් වේ.

ශ්‍රීපෙරම්බුදුර් හිදී රජීව් ගාන්ධි ඝාතනය වූ 1991 මැසි මස 21 වැනිදාට පසුදිනම එදවස ඉන්දියා අගමැති චන්ද්‍රසේකර්ගේ මෙහෙයවීමෙන් කැදැවුනු දේශපාලන කටයුතු සම්බන්ධ 

කමිටුවේදී රජීව් ගාන්ධි ඝාතනය හා එල්.ටී.ටී.ඊ සංවිධානයේ කිසිදු ආකාරයක සම්බන්ධතාවක් නැතැයි රෝ ප්‍රධානී වජ්පායි පුන පුනා කී බව කේ.රාගොතාමන්  අනාවරණය කරයි

‘‘මැයි මස 22 වැනිදා උදෑසනම අගමැති චන්ද්‍රසේකර් දේශපාලන කටයුතු සම්බන්ධ කමිටුවේ හමුවක් කැදවූවා. එයට රෝ ප්‍රධානී ජී.එස්.වජ්පායි වගේම ඉන්දියා මධ්‍යම බුද්ධි බියුරෝවේ අධ්‍යක්ෂක එම්.කේ නාරායනුත් සහභාගීව සිටියා. සුබ්‍රමනියම් ස්වාමි පවසා තිබුණා ඝාතනය සිදුකරන්නට ඇත්තේ එල්.ටී.ටී.ය විය හැකි බවට. නමුත් රෝ ප්‍රධානියා එය එක හෙළා ප්‍රතික්ෂේප කර සිටියා‘‘

ඔහුගේ පොතෙහි දැක්වෙන පරිදි රෝ ප්‍රධානී වජ්පායි කිට්ටු යනු ඉන්දියාව වෙනුවෙන් ඔත්තු සැපයීමේ යෙදුණු අයෙකු බව අගමැති චන්ද්‍රසේකර්ට පවසා ඇත. එසේනමුත් රෝ ඔත්තු සේවය හා කිට්ටු අතර තිබුණේ යැයි හෙළිවූ සම්බන්ධතාවය එල්.ටී.ටී.ඊ සංවිධානයටත් වාසි සහගත වන්නට ඇති බව රාගොතාමන්ගේ අදහසයි.

‘‘කිට්ටුට කවදාවත් ඉන්දියාව වෙනුවෙන් ඔත්තුකරුවෙක් වෙන්න හැකියාවක් තිබුණේ  නැහැ.ඔහු ප්‍රභාකරන්ගේ දකුණු අත වැනි මිනිහා.මෙතන වෙලා තියෙන බවක් පෙනෙන්නේ කිට්ටු රෝ ප්‍රධානියාව තමන්ට වුවමනා හැටියට පාවිච්චි කරලා කියලා.ඒක  ඇත්තටම ඔහුගේ දක්ෂකමක්‘‘

මේ ආකාරයට දෙපාර්ශවය අතර සිදුවූ ගනුදෙනුවේදී රෝ ප්‍රධානියා මුලා කර තිඛෙන බවක් පෙනෙන්නට තිබේයැයි රාගොතාමන් තම පොතෙහි වැඩිදුරටත් සදහන් කර  ඇත.

රාගොතාමන්ට අනුව රජීව්ගේ ශී්‍රපෙරුම්බුදුර් ගමන ගැන දැන සිට ඇත්තේ ටික දෙනෙකි.ඔහුගේ ගමන් කළමණාකාර හා කොංග්‍රසයේ ප්‍රධානී මාග්‍රට් අල්වා සකස්  කර තිබී ඇති ගමනාන්ත ලැයිස්තුවේ ශ්‍රීපෙරුම්බුදුර් ගැන සදහනක්වත් තිබී නොමැත.

ශ්‍රීපෙරුම්බුදුර් හි කොංග්‍රස් පක්ෂ අපේක්ෂිකාව වූ මාර්ගත්නම්  චන්ද්‍රසේකර් තම ඡන්ද ව්‍යාපාරයට සහය දක්වන්නැයි රජීව්ගෙන් ඉල්ලා සිට ඇත්තීය.මෙනිසා රජීව් අවසාන මිනිත්තුවේද‘‘ආන්ටි ගේ (ගාන්ධිවරුන් මාර්ගත්තම්ව  හැදින්වූයේ එළෙසය) ඡන්ද බල ප්‍රදේශයටත් යන්න ඕනේ.හැබැයි එක දවසකට විතරයි‘‘ යැයි ඔහුම පෙර සකස් කර තිබූ ගමනාන්ත ලැයිස්තුවේ කුරුටු ගා ඇත.

ප්‍රවීණයන්ට අනුව රහස් වලින් පිරී ඇති චරපුරුෂලෝකයේ ඔත්තු කප්පිත්තෝ ඇතැම් අවස්ථාවල විරුද්ධ පාර්ශවයේ සිටින පුද්ගලයෝ තමන් වෙනුවෙන් සේවයේ යොදවාගනිති.මෙය වෙනුවෙන් එවැනි පුද්ගලයෙකුට සිදුකරන ගෙවීම වන්නේ ඔහු  සපයන තොරතුරු හා සමානව ඔහුටද අවැසි තොරතුරු හෝ වෙනත් දේ වේ නම් ඔහුට  සැපැයීමයි.

රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරන පරීක්ෂණ කටයුතු හා ඉතා සමීප ජ්‍යෙෂ්ඨ නිළධරයෙකු පවසන ආකාරයට අභ්‍යන්තරික ආරක්ෂක කටයුතු හා දේශපාලන කටයුතු වලදී ‘‘දුන්නොත් දෙනවා‘‘  වැනි ගනුදෙනු හා සතුරා සමග කෙරෙන තොරතුරු හුවමාරුව බුද්ධි අංශ සේවා වලට අමුතු දෙයක් නොවේ.

නමුත් ඉන්දියාවේ සමස්ථ ආරක්ෂක සේවයම රැවටීමට එල්.ටී.ටී.ය ට හැකිවූයේ කෙසේද?  යන්න අදටත් අභිරහසකි.

විනිසුරුවරු දෙදෙනෙකු ප්‍රමුඛ කමිටු දෙකකින් රජයට,දේශපාලඥයින්ට හා පොලිසියට එරෙහිව රජීව් ඝාතනය සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීම සිදුවිය.හරියටම සතියක් ගතවෙද්දී කමිටු ප්‍රධානීන් වූ විනිසුරු ජේ.එස් වර්මා රටේ ආරක්ෂක අංශයේ ඇති හිඩැස් සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු ඇරඹීමටද,විනිසුරු මිලප් චාන් ජයින් රජීව් ඝාතන කුමන්ත්‍රණය පිළිඹදව පරීක්ෂණ කටයුතු ඇරඹීමටද කටයුතු කළහ.

විනිසුරු ජයින්ගේ කමිටුව එම්.කරුණානිධි හා ඔහුගේ ඩීඑම්කේ පක්ෂය රජීව් ඝාතකයින්ට රැකවරණය සළසා ගත හැකි පරිසරයක් ඉන්දියාවේ නිර්මානය කළේ යැයි චෝදනා කළ අතර හිටපු අගමැතිවරුන් වන වී.පී.සිං හා චන්ද්‍රසේකර් යන දෙදෙනාම ළග එන අන්තරාය දැක දැකම කිසිත් නොකර සිටි බවටද චෝදනා කළේය.

විනිසුරු වර්මාගේ කමිටුව එල්.ටී.ටී.ඊ ඝාතකයින්ට ඉන්දියාවට පැමිණීමට අවස්ථාව සැළසී ඇත්තේ තමිල්නාඩු පොලිසියේ හා පාලක කොංග්‍රස් පක්ෂයේ ආරක්ෂක විධිවිධාන වල තිබූ හිඩැස් නිසා බව පෙන්වා දුන්නේය.



අදහස් (0)

කිට්ටු ‘‘රෝ‘‘ ඔත්තුකරුවෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1448 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1305 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 471 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site