ලොව විශාලතම ගෙවීම් රහිතව භාගත කිරීම් කරගත හැකි කික්ඈස් (Kickass) වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලොව ඇති බොහොමයක් වූ මෘදුකාංග,චිත්‍රපට,වැඩසටහන්,පරිගණක ක්‍රීඩා,සින්දු,සහ වීඩියෝ සම්පුර්ණ ලෙස කිසිදු ගෙවීමකින් තොරව ලබාගැනීමට මෙම වෙබ් අඩවිය හරහා හැකිවිය. එම වෙබ් අඩවියේ හිමිකරු වන අර්තම් වුලින් යුක්රේනියා ජාතිකයෙකි.
පෝලන්තයේදී ඇමෙරිකා බලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගැනිණි. පහුගිය වසර අටක් තුල යුරෝ බිලියනකයට වඩා වැඩි වටිනාකමකින් යුතු ගීත ඇල්බම සහ චිත්‍රපට බෙදාහැරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ. එම වෙබ් අඩවිය භාෂා 28කින් යුතු අතර එහි ශුද්ධ වත්කම ඇමෙරිකා ඩොලර් මිලියන 54කට වඩා වැඩි බව බලධාරීහු පවසති.
වෙබ් අඩවියේ කිසිවිටෙක නීති විරෝධී දෑ අඩංගු නොවූ නමුත් ඔහු කලාකරුවන්ගේ සහ ව්‍යාපාරකයන්ගේ නව නිර්මාණ හිමිකම් උල්ලංඝණය කරමින් තම ජිවනෝපාය උදෙසා භාවිත කර බව නීති බලධාරීහු පවසති. මේ වන විට එම වෙබ් අඩවිය මේ වන විට ක්‍රියා විරහිත තත්වයක පවතියි. එම වෙබ් අඩවිය හරහා භාගත කිරීම් සිදුකරන පරිඝනක භාවිත කරන්නන් සංඛ්‍යාව ඉතාමත් විශාලය.
2025 දෙසැම්බර් මස 18
524
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කික්ඈස් වෙබ් හිමිකරු අත්අඩංගුවට
ප්‍රදීප් Saturday, 23 July 2016 08:29 AM
අපි නම් කරදරයක් නැතුව ටීවී චිත්‍රපටි අරගෙන ඉවරයි (නි)
සංඛ Sunday, 24 July 2016 07:35 AM
දැන් ඉතින් කරන්න දෙයක් නෑ.(හේ)