ලොව විශාලතම ගෙවීම් රහිතව භාගත කිරීම් කරගත හැකි කික්ඈස් (Kickass) වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලොව ඇති බොහොමයක් වූ මෘදුකාංග,චිත්‍රපට,වැඩසටහන්,පරිගණක ක්‍රීඩා,සින්දු,සහ වීඩියෝ සම්පුර්ණ ලෙස කිසිදු ගෙවීමකින් තොරව ලබාගැනීමට මෙම වෙබ් අඩවිය හරහා හැකිවිය. එම වෙබ් අඩවියේ හිමිකරු වන අර්තම් වුලින් යුක්රේනියා ජාතිකයෙකි.
පෝලන්තයේදී ඇමෙරිකා බලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගැනිණි. පහුගිය වසර අටක් තුල යුරෝ බිලියනකයට වඩා වැඩි වටිනාකමකින් යුතු ගීත ඇල්බම සහ චිත්‍රපට බෙදාහැරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ. එම වෙබ් අඩවිය භාෂා 28කින් යුතු අතර එහි ශුද්ධ වත්කම ඇමෙරිකා ඩොලර් මිලියන 54කට වඩා වැඩි බව බලධාරීහු පවසති.
වෙබ් අඩවියේ කිසිවිටෙක නීති විරෝධී දෑ අඩංගු නොවූ නමුත් ඔහු කලාකරුවන්ගේ සහ ව්‍යාපාරකයන්ගේ නව නිර්මාණ හිමිකම් උල්ලංඝණය කරමින් තම ජිවනෝපාය උදෙසා භාවිත කර බව නීති බලධාරීහු පවසති. මේ වන විට එම වෙබ් අඩවිය මේ වන විට ක්‍රියා විරහිත තත්වයක පවතියි. එම වෙබ් අඩවිය හරහා භාගත කිරීම් සිදුකරන පරිඝනක භාවිත කරන්නන් සංඛ්‍යාව ඉතාමත් විශාලය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් කරදරයක් නැතුව ටීවී චිත්‍රපටි අරගෙන ඉවරයි (නි)
දැන් ඉතින් කරන්න දෙයක් නෑ.(හේ)