ඕස්ට්‍රේලියා මහ මැතිවරණයේ පැහැදිලි ජයග්‍රාහකයකු නොමැති බැවින් එරට අගමැති මැල්කම් ටර්න්බුල්ට ඉල්ලා අස්වන්නැයි විපක්ෂය බලපෑම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ආසන 150ක නියෝජනයක් ඇති ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් නිල ප්‍රතිඵලය මෙතෙක් නිකුත් කැර නොමැති අතර තැපැල් ඡන්ද ගණන් කිරීම අද ආරම්භ කෙරේ. වත්මන් පාලකයන්වන කන්සර්වේටිව් පක්ෂයට ආසන 67ක් ද විපක්ෂයට ආසන 71ක්ද හිමිව ඇතැයි එරට වාර්තා සඳහන් කරයි.
තවත් ආසන කිහිපයක් සුළු පක්ෂ අතර බෙදී ගොස් ඇතැයිද තවත් ආසන කිහිපයක ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇතැයිද කියති.
අගමැති ටර්න්බුල් කියා ඇත්තේ තමාට බහුතර බලයකින් යුතුව ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව තවමත් ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිකම් දෙන්න පොරොන්දුවෙලා අනිත් පැත්තෙන් කට්ටියක් බිලීබා ගත්තා නම් වැඩේ ශේප් නේ? ඕවට ගුරුකම් අපේ අයියලාගෙන් අහගන්න. (නි)
ඕස්ට්‍රේලියාවේ තියන්නේ ලංකාවේ තියන ජරා දේශපාලනය නෙමෙයි. ඇමැති පදවි වලට පක්ෂ මාරු කරලා /බිලීබාගෙන ආණ්ඩු හදන්නේ නැහැ. 2500 යි 200 යි වෙනස එකයි (නි)
ටර්න්බුල් මහත්තයාට සිදුවුණේත් සුමනදාස මහතාගෙන් උපදෙස් ගත්ත එක්කෙනාට වෙච්චදේමයි. නියමිත දිනට කලින් පාර්ලිමේන්තුව විසුරවලා සෙනෙට් සභාවේ සහ පාර්ලිමේන්තුවේ දෙකේම බහුතරය ලබාගන්න ගිහින් සෙනෙට් එක නම් හොඳටම පරාදයි. තිබුන පාර්ලිමේන්තු බලයත් හොඳටම අඩුවෙලා යාන්තමින් 76 දෙනෙක් එකතු කරගත්තොත් ආණ්ඩුවක් පිහිටුවාවි. නමුත් වැඩි කල් දුවන්න බැරිවේවි (නි)
සුමනේගෙන් උපදෙස් ගත්තානම් මෙයා ගොඩ !