ලෝකයේ බලවත්ම රාජ්‍ය නායකයන්ගෙන් සැඳුම්ලත් ජී 20 සමුළුව පෙරේදා (5) රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී ආරම්භ වූ අතර සිරියානු අර්බුදය නිසා ඇමෙරිකාව සමඟ හිත් අමනාපකම් ඇති කරගෙන සිටින රුසියානු ජනපති පුටින් සංවිධායක මණ්ඩලයට පවසා තිබුණේ තමා ජනපති ඔබාමා ළඟ වාඩි නොකිරීමට වගබලා ගන්නා ලෙසටය.

ඒ අනුව, ඉකුත් ජී 20 සමුළුවේදී මෙන් නොව, මෙවර සමුළුවේදී රුසියානු ජනපති පුටින් සහ ඇමෙරිකා ජනපති ඔබාමා අතර වැඩි කතාබහක් ද සිදු නොවිණි. කෙසේ නමුත් මෙවර සමුළුවේදී වැඩි අවධානයක් යොමු වූයේ ද සිරියානු අර්බුදය කෙරෙහිය.

 

ජනපති ඔබාමා රුසියාවට පැමිණි අවස්ථාවේ ඔහු උණුසුම් අයුරින් පිළි ගැනීමට ජනපති පුටින් කටයුතු කළේය.