මේ දිනවල චීනයේ සංචාරයක යෙදෙන ඇමරිකා ජනපති ආර්යාව වන මිෂෙල් ඔබාමා හා ඇයගේ මව හා දුවණියන් දෙදෙන බලා කියා ගැනීම මහත් හිසරදයකැයි ඔවුන් නැවතී සිටින බීජිං නුවර චඕයෑන්ග් හෝටලයේ සේවකයෝ කියති.

බීජිං නුවර ඇති ඉහළම පහසුකම් වලින් සපිරි හෝටලක් වන වෙස්ටින් බීජිං චඕයෑන්ග් හෝටලයේ රාත්‍රියකට ඩොලර් 8350 ක් වැය කිරීමට සිදුවන සුපිරි පැලැන්තියටම වෙන්වූ විසල් හෝටල් කාමරයක් මිෂෙල් ඔබාමා ඇතුළු සාමාජිකයින්ට වෙන් කර තිබේ.

ජනපති ආර්යාව පැමිණි දිනයේ සිට ඇයගේ ආරක්ෂක නිලධාරීන් හෝටලයේ පාලනය සියතට ගෙන ඇතැයිද සෝපාන ක්‍රියාකරවීමේ සිට හෝටලයට ඇතුළු වන පුද්ගලයින් පිළිගැනීම දක්වා සියලූ කටයුතු කරන්නේ ඔවුන් යැයිද සේවකයෝ කියති. මෙනිසා තමන්ගේ වැඩ රාජකාරි හරිහැටි ඉටුකිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිඛෙන්නේයැයි ඔවුහු පවසති.

ජනපති ආර්යාව සැළකූ විට ඇය ඉතා මිත්‍රශීලී තැනැත්තියක් වුවත් ඇයගේ මව ඉතා සැර පරුෂ තැනැත්තියක් යැයිද ඇය නිතරම බලා සිටින්නේ කුඩා හෝ වැරැද්දක් සිදුවන තෙක් සිට තමන්ට දොස් පැවරීමට බව සේවකයෝ කියති.

මිෂෙල් ඔබාමාගේ පැමිණීම හෝටලයේ නවාතැන් ගෙන සිටින අනෙක් පුද්ගලයින්ටත් කරදරයක් වී ඇති බව සදහන්වේ.ඔවුන් නිතරම කාමරයෙන් කාමරයට මාරු කිරීමට ඇයගේ ආරක්ෂක නිලධාරීන් කටයුතු කරන බව සේවකයෝ පවසති.

ඇමරිකා ආරංචි මාර්ග පවසන්නේ මිෂෙල් ඔබාමාගේ චීන සංචාරය දේශපාලනික වුවමනා එපාකම් පිරිමැසීමට වඩා දෙරට අතර වඩා හොද මිතුරු වාතාවරණයක් ඇතිකිරීම මුල් කරගෙන සිදුවන්නක් බවයි.චීන මාධ්‍යයද මිෂෙල් ඔබාමාගේ පැමිණීම ඇමරිකා හා චීන සබදතා නව මාවතකට ගෙන යනු ඇතැයි වාර්තා කරනු දැක ගත හැකි වුනි.