ඉරාකයේ මොසූල් නගරයට ඇතුළුවන ප්‍රධාන මාර්ගය අයිඑස් ත්‍රස්තයන්ගෙන් මුදා ගැනීමට ඒකාබද්ධ හමුදා සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

තාල් අල්ෆාර් සහ සින්ජා පෙදෙස් හරහා වැටී ඇති එම මාර්ග ඔස්සේ සම්පූර්ණ මොසූල් නගරයම වටකිරීමේ හැකියාව පවතින බව කියති.

මොසූල් හි පාලමක ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් වාර්තාවේ. ඉරාක හමුදාවේ 50000ක බළ ඇණියක් ද, කුර්දි සටන්කරුවෝ ද, සුන්නි හා ෂියා මුස්ලිම්වරුද සති පහක හමුදා මෙහෙයුම් සඳහා එක්ව සිටිති.