තම ජීවන තත්වය පහළ වැටිම ගැන විරෝධතා දැක්වු ප්‍රංශ එලවළු ගොවියෝ බ්‍රිටේනි හි මෝර්ලෙක්ස් නගරයේ ආදායම් බදු හා රක්ෂණ කාර්යාලවලට ගිනි තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ට්‍රැක්ටර් වලින් රැගෙන ආ අල, සූරියකාන්ත, මල්ගෝවා සහ පොහොර නගරයේ වීදි වල ගොඩගසා දමා තිබේ. පසුව එහි අවට ඇති ගොඩනැගිලි වල ජනෙල් පොඩිපට්ටම් කර තිබෙන බවද පොලීසිය කියයි.
මෙම ගිනි නිවාදැමීමට ආ ගිනි නිවන භටයන්ට විරෝධතා කරුවන් ඉඩ නොදීම ගැන ප්‍රංශ අගමැති වරයා දොස් පවරා ඇත.
ගොවීන් පවසන්නේ තම නිෂ්පාදනවල මිල පහත වැටීම තමනට දරා ගත නොහැකි බවයි.
යුක්රේන අර්බුධය හේතුවෙන් ඇතැම් බටහිර භාණ්ඩ ගෙන්වීමට රුසියාව විසින් සම්බාධක පැනවීම හේතුවෙන් තම ප්‍රධාන අපනයන වෙලඳ පොල අහිමිවී ඇතැයි ගොවිහු පවසති.
ගොවින් 100ක් පමණ රාත්‍රිය පුරා රක්ෂණ ගොඩනැගිල්ලට පහර දී පසුව එයට ගිනිතබා සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ.
අනතුරුව තම ට්‍රැක්ටර් නගරයේ ප්‍රධාන ආදායම් බදු කාර්යාලය වෙතට පදවාගෙන ගොස් එහි එලවළු ගොඩ ගසා දමා ගොඩනැගිල්ලේ ජනෙල් කඩා බිඳ දමා එම ගොඩනැගිල්ලට ගිනි තබා ඇත.
ප්‍රංශ මාධ්‍ය වාර්තා දක්වන්නේ පසුව ගොවීන් විසින් මොර්ලෙක්ස් හි කාර්යය බහුලත්වයෙන් හෙබි මාර්ගය දෙපසින්ම අවහිර කර බවයි.
නිවේදනයක් නිකුත් කරණ අග්‍රාමාත්‍ය වරයා පවසා ඇත්තේ කොල්ලකෑම් හා ගිනිතබා විනාශ කිරීම් තමන් දැඩි ලෙස හෙලා දකින බවයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ප්‍රචණ්ඩත්වය සාධාරණ නොවන බවත් අපරාධකරුවන්ට නීතිය මගින් දඩුවම් ලබා දෙන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියානු/යුක්රේන් අර්බුදය බටහිර රටවල අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා දැන් ඔවුන්ටම පාරා වළල්ලක් බවට පත්වෙලා. එයට හේතුව රුසියාවට විරුද්ධවූ බටහිර රටවල් වලින් භාණ්ඩ ගැනීම විශාල ලෙස නවතා,එම සියලුම භාණ්ඩ ඇනවුම් රුසියාවට හිතවත් රටවලට ලබාදීමයි. මෙහි වටිනාකම ඩොලර් බිලියන ගණනක් වේ. ආනයනය නවතා දැමු රටවල් අතරට ඇමරිකාව,ප්‍රංශය,ජපානය,ඕස්ට්‍රේලියාව, එංගලන්තය,දකුණු කොරියාව යන රටවල්ද අයත්වේ.මේ ක්‍රියාවෙන් පහර වැදුනේ එම රටවල තම භාණ්ඩ රුසියාවට අපනයනය කිරීමෙන් ජීවිකාව කරගෙන ගිය ගොවීන්ටය.ගොවීන්ගේ මේ විරෝධතාවය මා දකින විදියට නම් සාධාරණය. (නි)