තත්පර 20 කින් ජංගම දුරකථන බැටරියක් ආරෝපණය කළ හැකි උපකරණයක් නිපදවීමට ඇමරිකා සිසුවියක් සමත්ව සිටින්නීය.
නමින් ඒෂා ක්හාරේ නම් වන මේ සිසුවිය දහඅට හැවිරිදිය.පදිංචිව සිටින්නේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේය.
විදුලි ආරෝපණ තාවකාලිකව ගබඩා කර තබාගන්නා ඉලෙක්ට්‍රෝනික උපාංගයක් වන ධාරිත‍්‍රකයක් ආධාරයෙන් ඇය මේ උපකරණය නිපදවා ඇත.මේ ධාරිත‍්‍රකයද ඇය විසින්ම නිපදවූවකි.නැනෝ තාක්ෂණය භාවිතයෙන් නිපදවා ඇති මේ ධාරිත‍්‍රකයේ සාමාන්‍ය ධාරිත‍්‍රකයකට වඩා වැඩි කාලයක් ආරෝපණ දරා සිටීමේ හැකියාව ඇති බව සදහන්ය.තවද එය ප‍්‍රමාණයෙනුත් ඉතා කුඩාය.විශේෂ කරුණක් වන්නේ ලොව ප‍්‍රකට ඉලෙක්ට්‍රෝනික උපාංග නිපදවන සමාගම් කිසිවක් තවමත් මේ ආකාරයේ ධාරිත‍්‍රකයක් නිපදවීමට අසමත්ව තිබීමයි.
COMMENTS
ප්‍රේමයෝ, බැරි වෙලාවත් උඹ මේ කෙල්ලට නම් අහු වෙන්න එපා. තත්පර ඍණ 10 න් උඹේ චාර්ජ් එක බස්සාවී (නි)
මෙයා ඉන්දියානු කාන්තාවක් වන්නට ඕනෑ, හොඳ නිර්මාණයක් (නි)
ඕදිරිස් පොළ ගාන මැෂිම ඕදිරිස් හිරමනය. මේකට නමක් තිබ්බේ නැද්ද ? අපේ එක්කෙනෙක් ගෙම්බෝ අල්ලන එකකුත් හදල තිබ්බා. මොනා උනාද දන්නේ නැහැ.(නදී)
අන්න කාලේ හැටියට හොඳ වැඩක් (නි)
පෙනුමින් ලතින් ඇමරිකානු හෝ දකුණු ආසියානු සම්බවයක් තියෙනවා ගෑනු දරුවට.පිරිමි දරුවා පැසිෆික් ආසියානු පෙනුමක් තියෙන්නේ.දැන් කියන්න එපා දක්ෂයෝ බිලි බා ගත්තා කියලා.මෙහෙ මිලියන් 80 ඉන්නවා හොරෙන් ආපු අය... ජයවේවා! (නි)
අපේ අර පොල් කඩන්න මැෂිමක් හදපු කොලුවා කෝ?පොලිතින් වලින් පැට්‍රොල් ගන්න මැෂිමක් හදපු මහත්තයා කෝ? මවු බිම,මගේ ලංකාව කියා කියා ඉන්නේ නැතුව ඔය දක්ෂකම් පෙන්වලා යන්න හොද රටකට. අඩුම ගානේ ලෝකෙටවත් වැඩක් වෙයි. (නි)
සිසුවියව දැක්කම මාවත් තත්පර 10 න් චාජ් වුණා (නි)