මාරාන්තික එබෝලා වෛරසයට එරෙහිව සොයාගත් එන්නතක් සැප්තැම්බරයේ සිට රෝගීන්ට ලබාදීමට ඇමෙරිකාවේ ජාතික ආසාත්මික හා බෝවන රෝග පිළිබඳ විද්‍යායතනය අවසර ඉල්ලා ඇත.
එබෝලා රෝගයට එන්නතක් සොයා ගැනීම සඳහා එම විද්‍යායතනය වසර කිහිපයක් පරීක්ෂණ පවත්වා ඇත. ඔවුන් විසින් සොයාගත් එන්නත වෙනත් ක්ෂීරපායී සතුන්ට ලබාදීමේ දී සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව ඔවුන් සිය පර්යේෂණ වාර්තා මගින් ඉදිරිපත් කැර තිබේ.
ඇමෙරිකාවේ ජාතික අසාත්මික හා බෝවන රෝග පිලිබඳ විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසන්නේ ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් මෙම එන්නත සඳහා ආහාර සහ ඹෟෂධ පරිපාලනයේ අනුමැතිය ඉක්මණින් ඉල්ලා ඇති බවයි.
එබෝලා වෛරසය ගැන ප්‍රවෘත්තිය ප්‍රකාශයට පත්කල දිනයේදී ම රෝග පාලන සහ වලක්වා ලීමේ මධ්‍යස්ථානය විසින් ගයනා, ලයිබීරියා සහ සියරා ලියොන් යන රටවලට සංචාරය කිරීමේ රතු නිවේදනය දෙවන මට්ටමේ සිට තුන්වන මට්ටම දක්වා ඉහළ දැමීය. මෙම ඒජන්සිය තුන්වන මට්ටමේ රතු නිවේදන නිකුත් කැර ඇත්තේ මීට කලින් අවස්ථා දෙකකදී පමණි. ඒ සාර්ස් රෝගය වසංගතයක් සේ පැතිර ගිය 2003 දී සහ 2010 ඇතිවූ හයිටි භූමිකම්පාව අවස්ථාවේදීය.
රෝග වලක්වා ගැනීමේ මධ්‍යස්ථානය මගින් අතිරේඛ පුද්ගලයන් 50 ක් මෙම රටවල් තුනට යවා ඇති බව එහි අධ්‍යක්ෂක වෛද්‍ය ටොම් ෆ්‍රීඩෙන් කියයි. ඔවුන්ගේ කාර්යය වී ඇත්තේ රසායනාගාර පරික්ෂණ වේගවත් කිරීම, රෝගය වැළදීමට හැකි රෝගීන් සොයා ගැනීම සහ දේශීය සෞඛ්‍ය ක්‍රම ශක්තිමත් කිරීමයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෛරස් හරියට අපේ කුඹුරු වලට හැදෙන අට අනුවක් රෝග වගෙයි මොකද ලෙඩේ හැදෙන කොටම බෙහෙත් පිටිපස්සේ . වෛරස් කියන්නෙත් මාර බිස්නස් එකක්නේ දැන් බැලුවම ! (දී)
ජයා හරියටම හරි. ලෙඩේ කලින් එවල බේත පස්සේ එවල. ඒවගේම කඩාකප්පල් කාරී වැඩවලටත් මේ වගේ වැඩ කරනවා. ලංකාවට මී උන ආවේත් මේ විදිහට වෙන්න ඇති (නදී)