එබොලා වසංගතය පිලිබඳව දැනුවත් කිරීමේ වැඩ සටහනක් සඳහා සූදානම් වු සාමාජිකයන් අටදෙනෙකුට පොලුවලින් ගසා පිහිවලින් කපා මරාදමා ඇතැයි ගිනි රාජ්‍යෙයන් ලැබෙන වාර්තාවල සඳහන්වේ.
මැරුම් කා ඇති පුද්ගලයන් අතර සෞඛ්‍ය සේවකයන්,මාධ්‍යවේදීන් සහ රාජකාරීයේ යෙදී සිටි නිලධාරින් ද වන බව වාර්තාවේ. මෙම මළසිරුරු හමුවී ඇත්තේ නිසෙරෙකොර් නගරය සමීපයේ පිහිටි පාසැලේ වැසිකිලි වළක තිබියදීය.
වාර්තාකරුවන් පවසන්නේ බොහෝ ගැමියන් සිතන්නේ මෙම නිලධාරින් පිරිස රෝගය පැතිරවීමට පැමිණෙන අය බවයි.
එබොලා වෛරසය ශරීර ගතවු පුද්ගලයන් 2600 කට වඩා මේවන විට මියගොස් තිබේ.
මෙම රෝගය ලෝකයේ දරුණුම ලෙස පැතිර ගිය අවස්ථාව මෙයයි.
අසල්වැසි රටවන සියරා ලියොන් මෙම රෝගය පැතිරීම වැලැක්වීම සඳහා දින තුනක ඇඳිරි නීතිය පනවා ඇත. මෙම කරුණ බොහෝ දෙනාගේ මතබේදයට තුඩු දී තිබේ.
එබෝලා වසංගතය මුලින්ම වාර්තා වූ දකුණු ගිනි රාජ්‍යෙය් වෝමේ ගම්මානයට ලඟාවු මෙම කණ්ඩායමට ගම්වැසියන් විසින් ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඔවුන් අතුරුදන් වී ඇත.
මෙම ප්‍රහාර වලින් පණබේරාගත් මාධවේදිනියක් වාර්තාකැර ඇත්තේ ඇය සැඟවි සිටින විටදී පවා ගම්මුන් විසින් ඇයව සොයාගැනීමට උත්සාහ කළ බවයි.
සෞඛ්‍ය ඇමති සමග රජයේ නිලධාරි කංඩායමක් මෙම ප්‍රදේශයට පිටත් ව ගියද එයට යන මාර්ගයේ පිහිටි පාලමක් අවහිර කැර ඇති බැවින් ගම්මානයට ඇතුළුවීමට හැකියාවක් නැත.
2025 දෙසැම්බර් මස 16
83
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
880
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
එබෝලා මර්ධනය කළ අයටත් පහරදී මරා දාලා
පිටිගල Sunday, 21 September 2014 07:04 PM
මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)
රත්නායක ආරච්චිගේ Monday, 22 September 2014 04:16 AM
අප්‍රිකානු රටවල බහුතරයක් මුස්ලිම් අන්තවාදී ගොත්‍රිකවාදී පිරිස් වේ,ඒ නිසා ඔවුන් සාමාන්‍ය සමාජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට දැනුමක් නැති කොට්ටාසයකි ඒ නිසා අපි ඔවුන්ට අනුකම්පා කරමු ඔවුන්ට ස්වභාවධර්මයෙන් පිළිතුරු ලැබේවි?? (ස)