IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


එක්සත් ජාතීන්ගේ විශේෂ මහ මණ්ඩල සැසිය හෙට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)
 
අරාබි සහ මුස්ලිම් රාජ්‍යයන්ගේ ඉල්ලීම මත එක්සත් ජාතීන්ගේ හදිසි සහ විශේෂ මහ මණ්ඩල සැසියක් හෙට (21) පැවැත්වෙනු ඇත.
 
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලෙම නම් කිරීමත් සමඟ ජාත්‍යන්තරය තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය විය. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ එම තීරණය ලොව රටවල් බොහෝමයක විරෝධයට හේතු විය. 
 
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ එම තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ද හදිසි රැස්වීමක් කැඳවා තිබූ අතර එහිදි ඇමෙරිකාව හුදෙකලා වනු දක්නට ලැබිණි. 
 
ජෙරුසලෙම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගනිමින් ඇමෙරිකා ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගත යුතු යැයි සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ද ඉදිරිපත් වූ අතර ඇමෙරිකා එක්සත් ජනපදය තම නිෂේද බලය භාවිත කරමින් එම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලදි. 
 
කෙසේ නමුත් ආරක්ෂක කවුන්සිලයේ ඉතිරි නිත්‍ය සාමාජික රටවල් හතර සහ කවුන්සිලයේ ඡන්ද හිමි අනෙකුත් රටවල් 10 ඇතුළුව රටවල් 14ක් එම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. 
 
එම ඡන්ද විමසීමෙන් පසු එක්සත් ජාතීන්ගේ හදිසි මහ මණ්ඩල සැසියක් කැඳවන්නැයි අරාබි සහ මුස්ලිම් රටවල් ඉල්ලීමක් ඉදිරිපත් විණි. මේ අනුව හෙට (21) එක්සත් ජාතීන්ගේ හදිසි මහ මණ්ඩල සැසිවාරයක් පැවැත්වීමට නියමිතය. මේ ආකාරයෙන් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියක් පැවැත්වීම දුර්ලභ සිදුවීමකි. 
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත නිකී හේලි එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් දුසිමකට ආසන්න සංඛ්‍යාවකට ලිපියක් යවමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ තීරණය විවේචනය කරමින් ඡන්දය භාවිත කළ රටවල් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවට අනතුරු අඟවා තිබේ. 
 
“ජනාධිපතිවරයා ඡන්ද විමසීම බලා සිටියා. අපට විරුද්ධව ඡන්දය භාවිත කරන රටවල් ගැන වාර්තා කරන්නැයි ද උපදෙස් දුන්නා. එම සෑම රටක් සම්බන්ධයෙන්ම අපි අවධානයෙන් පසුවෙනවා. මේ සිදුවීම සම්බන්ධ සියලු දේ ගැන අපි විමසිල්ලෙන් සිටිනවා” යැයි ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතුවලට සම්බන්ධ වන නිත්‍ය නියෝජිත නිකී හේලි යොමු කළ ලිපියේ සඳහන් ව තිබේ. 
 
055



අදහස් (0)

එක්සත් ජාතීන්ගේ විශේෂ මහ මණ්ඩල සැසිය හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 87 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 928 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site