තවමත් කුසෙහි සිටින තම දරුවා මෙලොව එළිය දැකීමටත් මත්තෙන් ෆේස්බුක් වෙබ්අඩවියෙන් හමුවූ දරුවන් නොමැති යුවළකට විකුණා ඇති තරුණියක අත්අඩංගුවට ගැනීමට චිලීහි පොලිසිය සමත් විය.
තරුණියගේ වයස අවුරුදු 18 කි.
වාර්තා වන ආකාරයට දරුවා විකිණීමෙන් පසු ඇයට ලැබී තිබෙන්නේ පවුම් 68 ක් (රුපියල් 14892) වැනි මුදලකි.
ප‍්‍රශ්න කිරීම් වලදී ඇය පවසා තිබෙන්නේ මෙවන් දෙයක් කිරීමට තමන්ව යොමුකරේ තම මව,සොහොයුරිය හා තම පෙම්වතා බවයි.දරුවා විකුණා දමන්න,ගබ්සාවක් සිදුකරගන්න,නැතහොත් දරුවා උපන් පසු අනාථ නිවාසයකට දරුවා භාර දෙන්න යැයි ඔවුන් පැවසූ බවද අවස්ථාවේ හැටියට කරන්නට තිබූ හොදම දෙය දරුවා විකිණීම යැයි තමන් සිතූ බවද ඇය කියා ඇත.
දරුවා විකිණීම සදහා තම පෙම්වතාගේද උදවු ලැබුණු බවත් ගනුදෙනු සියල්ල සිදුකළේ ඔහු මැදහත්වී බවත් ඇය පවසා තිබේ.
ඇයගෙන් ලත් තොරතුරු අනුව මව,සොහොයුරිය,හා පෙම්වතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති අතර නූපන් දරුවා මිලට ගත්තේයැයි පැවසෙන යුවළද අධිකරණය හමුවට කැඳවීමට කටයුතු කරන බව පොලිසිය කියයි.
දරුවෙකු අන්තර්ජාලය ඔසසේ විකිණීම බරපතල දෙයක් වුවත් චිලීයේ මෙවන් දේ මැඞීමට නීති නොමැති බැවින් අවසානය කෙසේ සිදුවේදැයි ප‍්‍රකාශයක් කළ නොහැකි බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවෙක් මරා දමනවාට වඩා හොඳයි දෙමාපියන්ට දෙන එක.(නදී)
මේ අම්මගේ කැමැත්තකුත් තියන්න ඕන මෙවැනි දෙයක් කරන්න කාගෙන් බලපෑම් ආවත් හරි අම්මා කෙනෙක් මේ වගේ දෙයක් කොහොමවත් කරන්නේ නැහැ.(නදී)
සමහර විට මෙවැනි අම්මලා දරුවාගේ පියා කවුද කියලවත් දන්නේ නැතුව ඇති. (අ)