කාන්තාවන්ගේ සිරුරට ඇතුළු කෙරෙන ඉලෙක්ට්‍රෝනික චිපයක් මගින් උපත්පාලනය සිදුකෙරෙන ක‍්‍රමයක් හඳුන්වාදීමට ඇමරිකා සමාගමක් සැරසේ.
මයික්‍රොචිප්ස් ඔෆ් ලෙක්සින්ග්ටන් නම් වන මෙම සමාගම පවසන්නේ 2018 වසර වන විටදී මෙම උපකරණය වෙළදපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
මිලිමිටර 20 20 7 ප‍්‍රමාණයේ වන මෙම චිපය සැත්කමක් ආධාරයෙන් තට්ටම්,යටි බඩ, හෝ උඩු බාහුව යන ප‍්‍රදේශ වලින් එකක තැන්පත් කිරීම සිදුවේ.
චිපයේ ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියක් හා අමතරව කුඩා කුටි දෙකක්ද ඇත.මෙම කුටි වල අන්තර්ගත වන්නේ ලෙවොනොර්ගෙස්ටේරල් නම් හෝමෝනයකි.කුටි විවෘත කිරීම හා වැසීම ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියෙන් සිදුවන අතර ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියේ කි‍්‍රයාකාරීත්වය පාලනය කෙරෙන්නේ දුරස්ථ පාලකයක් ආධාරයෙනි.
ලෙවොනොර්ගෙස්ටේරල් වෙළදපොලේ ඇති උපත් පාලන පෙති බොහෝමයක අන්තර්ගත වන හෝමෝනයකි.එය කළලයක් රෝපණය වීම සදහා ගර්භාෂය පිළියෙල වීම වැළැක්වීම මගින් අනවශ්‍ය ගැබ් ගැනීම් වළකයි.
මේ කරුණ සැළකිල්ලට ගෙන නිර්මානය කර ඇති චිපයෙන් සිදුවෙන්නේ එහි කුටීර වල ඇති ලෙවොනොර්ගෙස්ටේරල් රුධිරයට එක් කිරීමයි.පරිශීලකයාට අවැසි වූ විටකදී ඇත්තේ දුරස්ථ පාලකයෙන් චිපයේ ඉලෙක්ට්‍රෝනික පද්දතිය කි‍්‍රයාත්මක වීමට විධානය ලබා දීම වන අතර එවිට ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියේ බලපෑමට නතුවන කුටි විවර වී ලොවොනොර්ගෙස්ටේරල් රුධිරයට එකතුවේ.
එක්වරක් රුධිරයට එක්කෙරුණු පසු හෝමෝනය කොපමණ කාලයක් කි‍්‍රයාකාරීව පවතින්නේදැයි සම්බන්ධයෙන් පරිශීලකයින්ව දැනුම්වත් කිරීම වෛද්‍යවරුන් මගින් සිදුකිරීමට නිර්මාපකයින් බලාපොරොත්තු වේ.
ඔවුනට අනුව එක් චිපයකින් අවුරුදු 16 ක පමණ කාලයකට අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වාගනිමින් උපත් පාලනය සිදුකළ හැකිය.
මෙම චිපය යොදාගෙන සිදුකෙරුණු අත්හදාබැලීම් සාර්ථක වුනු බවද නුදුරේදීම එය වෙළදපොළට නිකුත් කිරීමට හැකිවනු ඇතැයිද නිර්මාපකයෝ කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ දුරට සාර්ථක ලිපියක්. අගය කරමි. (නදී)
මෙම ක්‍රමය දිනපතා ප්‍රතිකාර ගතයුතු අනෙක් රෝගවලටත් යොදාගන්න හැකිනම් ලොකු යහපතක් වේවි. (නි)
කොහොමද චිප් එක කැඩිලා හෝර්මෝන ටික ඔක්කොම එක සැරේට අග ඇතුලට ගියොත් . අනිත් එක විද්යුත් උපකරණ අැඟ ඇතුලේ තියාගෙන ඉන්න එක පිලිකා වලට කොහොම බලපානවද කියල හොයල බැලුවොත් තමයි හොඳ. (ස)
එහෙනම් ලංකාවටත් හොඳයි (නි)
නියමයිනේ! (නි)
වෛරස් කියන වචනයට නියම අර්ථයක් දෙන්න පුළුවන් වේවි, (ස)
අනේ මටත් හොඳයි නේ ඕකක් සවිකර ගන්න තිබුණ නම්. (ස)