උතුරු කොරියාව අත්හදා බැලූ ජලකර බෝම්බය (හයිඩ්‍රජන් බෝම්බය) සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් හෙළා දැක ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
එම අත්හදා බැලීම සාර්ථක වුවහොත් උතුරු කොරියාව 2006 වසරේ සිට සිදුකළ සිව්වැනි න්‍යෂ්ඨික අත්හදා බැලීම වන අතර ඔවන්ගේ ශක්තිය පිළිබඳ ප්‍රබල සාධකයක් වනු ඇතැයි කියති.
නමුත් න්‍යෂ්ඨික විශේෂඥයන් ප්‍රශ්න කරන්නේ හයිඩ්‍රජන් බෝම්බයේ පිපිරුමේ විශාලත්වය වැඩි බවයි.
ඔවුන් මෙම මෙහෙයුම ‘සන්සුන් කුපිතකරවීම‘ යනුවෙන් නම් කර ඇත. හයිඩ්‍රජන් බෝම්බ පරමාණුක අවිවලට වඩා බලවත් බව කියති.
උතුරු කොරියාවේ පන්ගයිරායි හි අද ඇතිවූ රිච්ටර් මාපකයේ 5.1 ක් ලෙස සටහන්වූ භූකම්පනය මෙම න්‍යෂ්ඨික අත්හදා බැලීම් හේතුවෙන් ඇතිවූවක් බවට චීනය, ජපානය හා දකුණු කොරියාව චෝදනා කරයි.
මූලික මට්ටමේ පරමාණු බෝම්බයකට වඩා බලවත් න්‍යෂ්ඨික අත්හදා බැලීමක් සිදුකළ බව පිළිගන්නා උතුරු කොරියාව මීට පෙර 2013 වසරේදී ද මෙවැනිම අත්හදා බැලීමක් සිදුකළ බව විදෙස් පුවත් සේවා පවසයි.
COMMENTS
මේ වගේ අයට කවුරුහරි හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ (නි)
වැඩක් නැහැ, සුර අසුරයෝ ගහ මරා ගන්න කොට අපි වගේ පොඩි එවුවො මොනවා කරන්නද ? (බ)
ඇමරිකාවට, යුරෝපයට, චීනයට, රුසියාවට, ඉන්දියාවට න්‍යෂ්ඨික බෝම්බ හදන්න පුලුවන් නම්, උතුරු කොරියාවට බැරි මොකද? ඔවුන්ගේ ආරක්ෂාවට එහෙම එකක් තිබේ නම් හොඳයි. මොකද දකුණු කොරියාවේ ඇමරිකානු හමුදා සහ සියලුම නවීන යුධ ආයුධ තිබෙන නිසා (නි)
තියෙන තරමක් තියෙන්නෙම විනාශදායක අත්හදා බැලීම් තමයි .... (කෞ)