සෝල්හිදීය /වොෂින්ටන්හිදීය (රොයිටර්)
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට තමා සූදානම් වන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද (9) නිවේදනය කළේය.
මේ අනුව දෙරටේ නායකයන් දෙදෙනා අතර මුහුණට මුහුණ පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙය වනු ඇත.
න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් තාවකාලිවකව නවතා දමමින් න්‍යෂ්ටික අවි හරණයකට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එකඟතාව පළ කර ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය දකුණු කොරියානු නියෝජිතයෝ ධවල මන්දිර නිලධාරීන්ට සහ ජනාධිපති ට්‍රම්ප්ට දැනුම් දුන්හ.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd