ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සිය ආරක්ෂාවට තර්ජනයක් වන නිසා එරට ආක‍්‍රමණය කළ යුතුයැයි තර්ජනය කරන ඊශ‍්‍රායලය පසුගිය සිකුරාදා සිට දින හතරක් තිස්සේ ගාසා තීරයට ගුවන් ප‍්‍රහාර එල්ල කරමින් සිය යුද ශක්තිය නැවතත් ප‍්‍රදර්ශනය කළේය. ගාසා තීරයේ සිට දකුණු දිග ඊශ‍්‍රායලයට එල්ල වූ රොකට් ප‍්‍රහාරවලට ප‍්‍රතිචාර වශයෙන් එල්ල කළේ යැයි සඳහන් වන මෙම ගුවන් ප‍්‍රහාර වලින් ගාසා තීරයේ පුද්ගලයන් 24ක් මියගොස් ඇති නමුත් රොකට් ප‍්‍රහාර වලින් ඊශ‍්‍රායලයේ කිසිවකු මියගොස් නැත. එක පුද්ගලයකුට තුවාල සිදුව ඇතත් එය බරපතළ නොවන බවද සඳහන්වේ. ඉන් පසුව ඊජිප්තුවේ මැදිහත් වීමෙන් සටන් විරාමයක් ප‍්‍රකාශයට පත් වුවද ඒ නිසා ඊශ‍්‍රායල් ගුවන් ප‍්‍රහාර නතර කෙරෙනු ඇතැයි ද කිව නොහැක. 2008-2009 ශීත සමයේදී ඊශ‍්‍රායලය මෙවැනි සටන් විරාම ප‍්‍රකාශ කළ ද ඉලක්ක කර ගත් පුද්ගලයන් ඝාතනය කිරීම සඳහා ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම නතර කළේ නැත. එවැනි අවස්ථා හමාස් සංවිධානයේ ප‍්‍රකෝප කිරීම් නිසා යැයි හේතු යුක්ති කිරීම ඊශ‍්‍රායලයට සුපුරුදු කාර්යකි. පසුගිය සිකුරාදා සිට දියත් වූ මෙම ගුවන් ප‍්‍රහාරවලට ආසන්නතම හේතුව ලෙස දක්වන්නේ ගාසා තීරය පදනම්ව ක‍්‍රියාත්මක වන ජනතා විරෝධතා කමිටුවේ මහ ලේකම් සුහයිර් අලි ක්වේසි සහ ඔහුගේ ආරක්ෂකයා ගමන් කළ මෝටර් රථයකට ඊශ‍්‍රායෙල් ගුවන් යානාවකින් පහරදී ඔවුන් මරා දැමීමත් සමඟය. පසුගිය වසරේ මෙම කණ්ඩායම එල්ලකළ ප‍්‍රහාරයකින් ඊශ‍්‍රායෙල් හමුදා භටයන් අට දෙනකු මියගොස් 25කට තුවාල සිදුවිය. ඊට ප‍්‍රතිචාර වශයෙන් ඊශ‍්‍රායලය එල්ලකළ ගුවන් ප‍්‍රහාරයකින් ජනතා විරෝධතා කමිටුවේ ලේකම් මියගිය අතර සුහයිර් එම තනතුරට පත්වූයේ ඉන් පසුවය. පසුගිය සිකුරාදා එල්ල කළ ප‍්‍රහාරයෙන් පසුව ගාසා තීරයේ සිට ඊශ‍්‍රායෙලයට රොකට් වෙඩි ප‍්‍රහාර 143ක් එල්ල කර ඇතැයි ඊශ‍්‍රායලය ප‍්‍රකාශ කර ඇති නමුත් ඉන් බරපතළ හානියක් සිදුව ඇති බව වාර්තා නොවේ. ඊශ‍්‍රායෙල් හමුදාව ප‍්‍රකාශ කරන ආකාරයට ජනාකීර්ණ ප‍්‍රදේශ ඉලක්ක කරගත් රොකට් වෙඩි 63ක්ම වළක්වා ඇති අතර එසේ කිරීමට නොහැකිව ඇත්තේ රොකට් වෙඩි නමයකට පමණි. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මෙම පහරදීම් සම්බන්ධයෙන් ජනතා විරෝධතා කමිටුව හා ඉස්ලාමීය ජිහාඞ් සංවිධානය හෙළා දුටුවත් ඊශ‍්‍රායල් ප‍්‍රහාර ගැන සුපුරුදු ආකාරයට කිසි සඳහනක් කෙළේ නැත. ඊශ‍්‍රායෙලය 2008-09 කාලයේදී ගාසා තීරය ආක‍්‍රමණය කිරීමේදීත් ඉන් පසුව ලෙබනනයේ දකුණු දිග ප‍්‍රදේශය ආක‍්‍රමණය කිරීමේදීත් යුද අපරාධ වශයෙන් සැලකිය හැකි සිද්ධීන් ගණනාවක් වාර්තා වුවද එජා සංවිධානය ඒ ගැන කිසිදු පියවරක් ගත්තේ නැත. ගාසා තීරය ආක‍්‍රමණය කිරීමේදී සිදුව ඇති දේපල හා ජීවිත හානි ගැන විමර්ශනය කොට වාර්තා කිරීමට පත්කළ ග්ලැඞ්ස්ටන් කමිටුවේ නිර්දේශ ගැන ද එජා ආරක්ෂක මණ්ඩලය කිසිදු පියවරක් ගත්තේ නැත. ඒ ඊශ‍්‍රායලයේ හා එක්සත් ජනපදයේ විරුද්ධත්වය නිසාය. පසුගිය දින හතරක කාලය තුළ එල්ල කළ ප‍්‍රහාර ගැනද එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ආරක්ෂක මණ්ඩලය කිසිදු පියවරක් ගන්නා බවක් දක්නට නැත. ඊශ‍්‍රායලයට තම සිතැඟි ආකාරයට කුමන රටකට හෝ ප‍්‍රහාර එල්ලකිරීමට ඇති හැකියාවත් ඉන් ජාත්‍යන්තරව එල්ල විය හැකි විරෝධය නොසලකා සිටීමට ඇති හැකියාවත් නොරහසක් බවද අද එය වැදගත් වන්නේ අරාබිකරයේ පවතින උණුසුම්කාරී තත්ත්වය යටතේය. සිරියාවේ අසාඞ්ගේ රජය විපක්ෂ කණ්ඩායම් මර්දනය කිරීමට ප‍්‍රචණ්ඩත්වය යොදා ගැනීම හෙළා දකින එජා මහලේකම් එම ප‍්‍රහාරවලින් ජනතාව ආරක්ෂා කිරීමට සන්නන්ධ මැදිහත්වීම් පවා අනුමත කරයි. එහෙත් එම මිණුම් දණ්ඩ පලස්තීන ඊශ‍්‍රායෙල් ගැටුමට අදාළ නොවේ. එම නිසා පසුගිය සිකුරාදා සිට ඊශ‍්‍රායලය ගාසා තීරයට එල්ල කළ ගුවන් ප‍්‍රහාරවලින් නිරුවත් වන්නේ ඊශ‍්‍රායෙලයේ ආක‍්‍රමණශීලී ප‍්‍රතිපත්තිය පමණක් නොවේ. ජාත්‍යන්තර සාමය හා සංහිඳියාව පවත්වා ගැනීම සඳහා වූ එක්සත් ජාතීන් වැනි සංවිධානවල පවතින පක්ෂග‍්‍රාහී ස්වභාවය හා සම්මත මිණුම් දඬු නොසැලකීමයි. එය එක්සත් ජාතීන්ගේ අරමුණු හා පරමාර්ථ හා සැසදෙන්නේ නැති බව විශේෂයෙන් සඳහන් කළ යුතු නොවේ.
2025 දෙසැම්බර් මස 16
91
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
888
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඊශ‍්‍රායලය නැවතත් සිය අවි බලය පෙන්වයි
ප්‍රදීප් Thursday, 10 July 2014 01:22 PM
මේ ගහන රොකට් වල හැටියට රොකට් 20ක් වැටුණොත් ඊශ්‍රායලයෙන් බාගයක්වත් විනාශ වෙනවා. මොවුන්ගේ තාක්ෂණය නිසා බේරී සිටිනවා යැයි කිවහැකියි. (නි)