ඊශ‍්‍රායෙලය හා ගාසා තීරයේ හමාස් සටන්කාමින් අතර නොකඩවා  ඇවිළෙන ගැටුම් වලින් මේ වන විට ජීවිත හානි 90 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි මාධ්‍ය කියයි. මියගියවූවන් අතුරින් වැඩි දෙනා පලස්තීන ජාතිකයින් වන බවද ඔවුන් අතර කුඩා දරුවන්ද සිටින බවද සදහන්ය.ඊශ‍්‍රායලයට තම රටෙි ආරක්ෂාව තර කර ගැනීමෙි අයිතිය ඇති බවද ඊට ඇමෙරිකාව සහය දහය දත්වන බවත් ඇමෙරිකා ජනාධිපති බැරැුක් ඔබාමා තායිලන්තයේදී පැවසීය. ඊශ‍්‍රායෙලය ප‍්‍රහාරක ගුවන් යානා හා මුහුදේ නවතා ඇති සිය නෞකා යොදා ගනිමින් ගාසා සටන්කාමින්ගේ බළකොටු ලෙස සැලකෙන ප‍්‍රදේශ වලට ප‍්‍රහාර එල්ල කරයි.හමාස් සංවිධානයේ ප‍්‍රහාරක ශක්තිය අවතක්සේරු නොකරන ඊශ‍්‍රායෙලය සිය මෙහෙයුම්  පුළුල් කිරීමටත් අවශ්‍ය වුවහොත් ගොඩබිම් ප‍්‍රහාරයක් එල්ල කිරීමට සිය පාබළ සේනාංක සීරුවෙන් තබා ඇත. දුසිම් ගණනින් ඊශ‍්‍රායෙලයට හමාස් රොකට් එල්ල වුවද ඒවායින් මෙතෙක් බරපතල හානි වාර්තා වී නොමැත.හමාස් සංවිධානයට ගාසා තීරයේ පිහිටි ඊශ‍්‍රායෙල ජනාවාස ඉලක්ක කළ හැකි රොකට් පමණක් ඇතැයි සිතාගෙන සිටි ඊශ‍්‍රායෙලය දැන් කලබල වී ඇත්තේ සිය රටේ හදවත බදු වූ ටෙල් අවිව් නුවරට හමාස් රොකට් ප‍්‍රහාර එල්ල වීමත් සමගය. 2008 වසරේ මේ ආකාරයටම දෙපාර්ශවය අතර ඇතිවූ ගැටුම් වලට විසදුම්  දී සාමය ඇතිකිරීමට මුුල් වූ ඊජිප්තුව මෙවරද එම වගකීම දැරීමට සූදානමින් සිටී.හමාස් සංවිධානය හා ඊශ‍්‍රායෙලය ගැටුම් නැවැත්වීමට කැමැත්තෙන් සිටින බව පෙනෙතත් දෙපාර්ශවයම පැහැදිලි එකගතාවයකට ගෙන ඒම දුෂ්කර වීම නිසා සටන් විරාමයකට දෙපාර්ශවය එළැඹේයැයි දැන්ම අපේක්ෂා කළ නොහැකි බව ඊජිප්තු ජනපති මොහොමඞ් මුර්සි පවසයි.ඊශ‍්‍රායලය කියනුයේ සටන් විරාමයක් ඇති කිරීමේ මුල් පියවර හමාස් සංවිධානය සතු බවයි.   කො.වී