හෘදයාබාදයකට ලක්ව, සිහිසුන් තත්ත්වයකට ඇද වැටුණු ඊජිප්තු හිටපු ජනපති හොස්නි මුබාරක්, මරණ මංචකයේ සිටින බව එරට රාජ්‍ය පුවත් සේවා වාර්තා කරයි. මුබාරක් ‘සායනික වශයෙන්’ මියගිය ගොස් ඇති බවට ද පුවත් පළ වූ නමුත් රොයිටර් පුවත් සේවය ඊයේ (20) වාර්තා කළේ වෛද්‍යවරුන් ඔහු දිවි සුරැකුම් යන්ත‍්‍රයකට සම්බන්ධ කර තිබෙන බවය. මේ වනවිට මුබාරක්, කයිරෝ නුවර මාඞී හමුදා රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. කෙසේ නමුත් මුබාරක්ගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය යැයි රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි. පසුගිය වසරේ පැවැති ජනතා විරෝධතා මර්දනය කිරීමට පොලිසිය යොදවා විරෝධතාකරුවන් ඝාතනය කිරීමට අණ දුන්නේ යැයි චෝදනාවලට වරදකරු වී, 84 හැවිරිදි මුබාරක් මේ වනවිට ජීවිතාන්ත සිර දඬුවමකට යටත් ව සිටී. ඔහු හෘදයාබාදයකට ලක්ව, සිහිසුන් තත්ත්වයකට ඇද වැටී ඇත්තේ ද බන්ධගාරයේ සිටිද්දීය. බන්ධනාගාර ගත කර සිටි මුබාරක්ට නිසි වෛද්‍ය පහසුකම් ලබා නොදුන් නිසා ඔහුගේ සෞඛ්‍යය දිගින් දිගටම පිරිහුණේ යැයි මුබාරක්ගේ පුතුන් දෙදෙනා ඊජිප්තු හමුද පාලකයන්ට දොස් පවරා ඇතැයි වාර්තා වේ. මූල්‍ය වංචා සහ අකටයුතුකම්වලට සම්බන්ධ වූයේ යැයි මුබාරක්ගේ පුතුන් දෙදෙනාට ද චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධ නඩු විභාග පැවැත්වේ.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂිතව කටයුතු කරන්න
කළ කළ දේ පළ පළ දේ...
කල කල දේ ඵල ඵල දේ