ජනපති මොහොමඞ් මොර්සි ධුරයෙන් නෙරපා දමා බලය අත්පත් කරගත් ඊජිප්තු හමුදාවට සහාය දීම හෝ ආධාර දීම හෝ නොකළ යුතු යැයි ඇමෙරිකා රිපබ්ලිකන් සෙනෙට් මන්තී‍්‍ර ජෝන් මැකේන්, ඔබාමා පරිපාලනයෙන් ඉල්ලීමක් කරයි.
මැකේන්, මේ බව කියා සිටියේ ඊජිප්තු හමුදාව නව අන්තර්වාර රජයක් පිහිටුවීමට කටයුතු කළ අවස්ථාවේදීය.
‘ඊජිප්තු හමුදාවට අප කිසිසේත්ම සහාය දිය යුතු නැහැ. ඔවුන් කළේ ජනතා ඡුන්දයෙන් පත් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනපතිවරයකු බලයෙන් නොරපා දැමීමයි. එය අනුමත කළ යුතු නැහැ’ යැයි සෙනෙට් මන්තී‍්‍ර මැකේන් ප‍්‍රකාශ කර ඇත. ‘ඇමෙරිකා රජයයන් මීට පෙර එම කුමන්ත‍්‍රණවලට සහාය දී තිබෙනවා. මින් ඉදිරියට එය නොකළ යුතුයි. ජනතා ඡුන්දයෙන් තේරී පත් වන රජයයන් පෙරළා දමන හමුදා කුමන්ත‍්‍රණවලට සහාය නොදිය යුතුයි. ඉතිහාසයෙන් අප පාඩම් ඉගෙන ගත යුතුයි.’ යැයි මැකේන් කියා සිටී.
ඊශ‍්‍රායලයට පසු, ඇමෙරිකාවෙන් ආධාර ලබන දෙවැනි අරාබි රට ඊජිප්තුවය. ඇමෙරිකාව ඊජිප්තුවට ලබා දෙන ආධාර මුදල් ප‍්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 1.3 කි. ඇමෙරිකාවේ රාජ්‍ය ප‍්‍රතිපත්ති අනුව, යම් රටක හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවුවහොත් එම රටට ලබා දෙන ආධාර නැවැත්විය යුතුවේ. ඊජිප්තුවේ සිදුවූ ‘බලය වෙනස්වීම’, ‘හමුදා කුමන්ත‍්‍රණයක්’ යැයි ජනපති ඔබාමා හෝ ඔබාමා පරිපාලනය හඳුන්වා දී නැත.
මේ වනවිට ඇමෙරිකාවෙන් ඊජිප්තුවට දෙන ආධාර තාවකාලිකව නවතා ඇති නමුත් ඔබාමා පරිපාලනය උත්සාහ ගන්නේ එම ආධාර යළි ලබා දීමට ක‍්‍රමයක් සෙවීමට යැයි සෙනෙට් මන්තී‍්‍ර මැකේන් චෝදනා කර සිටී.
මේ වසර සඳහා ඊජිප්තුවට දෙන, ආධාර මුදල් ලබා දී අවසන් අතර යළිත් වරක් ඇමෙරිකාවෙන් ඊජිප්තුවට ආධාර මුදල් ලැබෙන්නේ ලබන වසරේ මැයි මාසයේ යැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 04
547
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඊජිප්තුවේ හමුදා කුමන්ත‍්‍රණයට ඇමෙරිකාව සහාය දිය යුතු නෑ