IMG-LOGO

ඊජිප්තුවේ සරදමට ලක්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය

පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීමෙන් අනුරුව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීම දශක හයකට අධික කාලයක් ඊජිප්තුවේ පැවති හමුදා පාලනයේ නිමාවක් ලෙස හැඳින්වීමට ඉඩ තිබිණ. පසුගිය වසරේ තරුණයින් හා ශිෂ්‍යයින් වීදි බැස කළ අරගලය නිසා මුබාරක් පාලන බලය අතහැර දැමීමෙන් පසු එතැනට පත් සන්නද්ධ හමුදා උත්තරීතර මණ්ඩලය ප‍්‍රතිඥා දුන්නේද මැතිවරණයෙන් ජයගන්නා අපේක්‍ෂකයාට බලතල පවරාදී තමන් ඉවත්වන්නේය යනුවෙනි. පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් මුස්ලිම් සහෝදරත්වයේ නිදහස හා යුක්තිය පක්‍ෂයද මුබාරක්ගේ නීති රීති යටතේ පවත්වන ලද මැතිවරණවලට ඉදිරිපත් වීමෙන් හමුදා නායකයින්ගේ පොරොන්දු විශ්වාස කෙළේය. එහෙත් ඊජිප්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි නාටකය එසේ නිම වූයේ නැත. ජනාධිපතිවරණය පැවැත්වීමට දින දෙකකට පෙර ඡන්ද විමසීම නිත්‍යනුකූලව පැවැත්වූයේ නැතැයි තීරණය කළ ඊජිප්තු ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට තෝරාපත් කර ගත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අහෝසි කිරීමටත් නියෝග කෙළේය. ඊට අමතරව මුබාරක්ගේ පාලන සමයේ නිලතල දැරූ පුද්ගලයින්ට ඡුන්ද විමසීම්වලට ඉදිරිපත්වීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය අහෝසි කිරීමෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ හිටපු අගමැතිවරයෙක් වූ අහ්මඞ් ෂපික්ට නිත්‍යනුකූලභාවයක් ද ලබා දුන්නේය. ඉන් පසු ජුනි 16 හා 17 දිනවල පැවැති ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ ඡන්ද පෙට්ටි විවෘත කිරීමටත් පෙර ව්‍යවස්ථා ප‍්‍රකාශනයක් නමින් නියෝග රැසක් නිකුත් කළ හමුදා පාලකයෝ ජනාධිපති තනතුරට හිමි බලතල සියල්ල තමන් වෙත පවරා ගත්හ. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද නිසා ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ බලයද හමුදාව තමන් සතු කර ගත්තේය. වඩාත්ම වැදගත් වන්නේ සන්නද්ධ හමුදාවල පත්වීම් උසස්කිරීම්, සේවා දීර්ඝ කිරීම් පිළිබඳ බලතල සියල්ල හමුදාව සතු කර ගැනීමය. මෙම නියෝග සියල්ලේම හරය වූයේ මහජන ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයින්ට හා ජනාධිපතිවරයාට රටේ පාලන බලතල කිසිවක් නොපැවරීම හා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ වගකීමද අත්පත් කර ගැනීමය. වඩාත් සරල ආකාරයට පවසන්නේ නම් මුබාරක්ගේ පාලන සමය නැවත වරක් කිසිදු වෙනස් කිරීමකින් තොරව සන්නද්ධ හමුදාවල නායකත්වය හා මෙහෙයවීම යටතේ කි‍්‍රයාත්මක වීමය. මුබාරක්ගේ ඒකාධිපති පාලනයට එරෙහිව පසුගිය වසරේදී කයිරෝ නගරයේ තහ්රිර් චතුරස‍්‍රයටත් ඊජිප්තුවේ සෙසු නගරවලටත් එක්රැස්ව විරෝධතා ව්‍යාපාර පැවැත්වූ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තු කඩ කරමින් නැවත වරක් හමුදා ඒකාධිපති පාලනයක් එරට ස්ථාපිත කිරීමට හැකිවූයේ කෙසේද? හොස්නි මුබාරක් පාම්එල්ෂික්හි නිවාඩු නිකේතනයක සියලූ සැප පහසුකම් ඇතිව රඳවා ගෙන සිටියදී ඔහු විසින් පත් කළ විධායකයට හා අධිකරණයට කිසිදු බාධාවකින් තොරව සිය වැඩ කටයුතු කරගෙන යෑමට හැකි වූයේ කෙසේද? මානව අයිතිවාසිකම් යහපාලනය හා නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම හා ඒවා තහවුරු කිරීම පිළිබඳව උනන්දු වන ජාත්‍යන්තර සංවිධාන මේ තත්ත්වය ගැන සැලකිළිමත් නොවූයේ ඇයි? පසුගිය ඉරිදා රාති‍්‍රයේ හමුදා පාලකයින් ව්‍යවස්ථා ප‍්‍රකාශනය නිකුත් කිරීමෙන් පසුව මාධ්‍ය ඇමතූ එක්සත් ජනපදයේ පෙන්ටගනයේ මාධ්‍ය ලේකම් ජෝර්ජ් ලිට්ල් කණස්සල්ලට පත් වූයේ හමුදා ප‍්‍රකාශනය නිකුත් කළ කාල වකවානුව ගැනය. ජනතා ස්වෛරීත්වය අහෝසි කරන හමුදා ප‍්‍රකාශනයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, ඒකාධිපති ස්වරූපය ඔහු විවේචනයට ලක් කෙළේ නැත. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපතිවරණ තරග දෙකක් පැවැත්වීමෙන් පසු ඊජිප්තුව නැවත වරක් 2011 පෙබරවාරි මාසයට පෙර සිටි තැනට පත්ව ඇත. තහ්රිර් චතුරශ‍්‍රයේ ජනතා උද්ඝෝෂණයවලට සහාය නොදී ඈතින් සිටි මුස්ලිම් සහෝදරත්වය පහසුවෙන් බලය ලබා ගැනීමට මැවූ සිහිනය ද බොඳවී ගොසිනි. නැවත වරක් හමුදා පාලනය තුරන් කොට සාධාරණ, යුක්තිසහගත පාලනයක් ඉල්ලා උද්ඝෝෂණය කිරීමේ අවස්ථාවක් එලැඹ තිබුණද ජනතාව නැවත වරක් පසුගිය වසරේදී ඉදිරිපත් වූ ආකාරයටම විදී බසිනු ඇත්ද යන්න සැක සහිතය. ඊට මූලික හේතුව වන්නේ ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් අයිතින් තහවුරු කොට වඩාත් සාධාරණ සමාජයක් ගොඩ නැගීමට එරට දේශපාලන නායකත්වය අපොහොසත් වීමය. පාර්ලිමේන්තුවේ බලය දිනාගත් මුස්ලිම් සහෝදරත්වය හමුදා පාලකයින් සමග සුහදව කටයුතු කිරීමට සූදානම් වූහ. එහි එක් පියවරක් වශයෙන් වෘත්තීය සමිති හා තරුණ සංවිධාන දුර්වල කිරීමට පියවර ගත්හ. එහෙත් හමුදා පාලකයින් මුස්ලිම් සහෝදරත්වය විශ්වාස කෙළේ නැත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් ජනාධිපති තනතුර අවප‍්‍රමාණය කිරීමටත් පියවර ගත්තේ එම නිසාය. හමුදා පාලකයින් තම පියවර සාධාරණීය කිරීමට යොදා ගන්නා තර්කය මූලධර්මවාදී ආගමික කණ්ඩායම් බලය ලබා ගැනීමේ උත්සාහය ව්‍යර්ථ කළ යුතුය. යන්නයි. මුඛාරක් බලයෙන් ඉවත් කිරීමක් සමග රට තුළ නීතිය හා සාමය බිඳ වැටී ඇතැයි ද ඔව්හු පවසති. හමුදාවේ සහාය ඇතිව ජනාධිපති තරගයට ඉදිරිපත් වූ අහ්මඞ් ෂයික්ගේ සටන් පාඨයක් වූයේ ද නැවත නීතිය හා සාමය ඇති කිරීමය. ආගමික අන්තවාදයක් හුවා දක්වන බටහිර රටවල ඍජු සහ වක‍්‍ර සහයෝගය හමුදා පාලකයින්ට ලැබෙන්නේද නීතිය හා සාමය තහවුරු කිරීමේ අවශ්‍යතාව හුවා දැක්වීමෙනි. එහෙත් යුක්තිය හා සාධාරණත්වය ඉටු නොවන්නේ නම් නීතිය හා සාමය පවත්වා ගත නොහැකි බව ඉතිහාසයෙන් නැවත නැවතත් උගන්වා ඇති පාඩමකි. එම නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පිවිසෙන මුවාවෙන් ඊජිප්තු හමුදා පාලකයින් බලය තමන් සතු කර ගැනීමට දරන ප‍්‍රයත්නය පැලැස්තර ඇලවීමකට වඩා වෙනස් නොවේ. සටහන - මහින්ද හත්තක ජනාධිපති අපේක්ෂක අහමඞ් ෂයික්...ජනාධිපති අපේක්ෂක මොහොමඞ්...හිටපු ජනාධිපති හොස්නි මුබාරක්...පොලිසිය සීරුවෙන් තබා ඇති අයුරු



අදහස් (0)

ඊජිප්තුවේ සරදමට ලක්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය

පෙරේරා Monday, 25 June 2012 09:39 AM

මේ කියන ප්‍රජාත්‍රන්තවාදයේ රග බලා ගන්න පුලුවන් දිනපු කට්ටිය රට පාලනය කරද්දි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site