IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉර්මා ජීවිත 14ක් බිලිගනි

ටර්ක්ස් සහ කේකොස්හිදීය (රොයිටර්)


අත්ලාන්තික් කලාපයට සියවසකට පසු ඇති වූ බිහිසුණුම කුණාටුව ලෙසින් හඳුන්වන ‘ඉර්මා’ සුළිකුණාටුව හේතුවෙන් ටර්ක් සහ කේකෝස් දූපත්හි 14 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

කැරිබියානු දූපත්වලට කඩා වැදුණු ඉර්මා සුළිකුණාටුව මේ වනවිට ෆ්ලෝරීඩා වෙත ගමන් කරමින් තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය සහ කැරිබියානු දූපත්වලට දරුණු ලෙස බලපෑ මෙම සුළි කුණාටුව හේතුවෙන් දැනටමත් විශාල හානියක් සිදු ව තිබේ. 

පැයට කිලෝමීටර 185ක වේගයකින් හඹා යන සුළං ද සහිතව කුණාටුව හයිටි සහ ඩොමිනියන් ජනරජයට ද බලපා තිබේ. සුළි කුණාටුව පස්වැනි වර්ගයේ ප්‍රබලතම කුණාටුවක් ලෙස නම් කර තිබේ. 

ඉර්මා කුණාටුව මෙතෙක් වාර්තාව වූ ප්‍රබලතම කුණාටුව යැයි ප්‍රංශ කාලගුණ බලධාරීහු ඊයේ 07 නිවේදනය කළහ. පැය 33ක් තිස්සේ අඛණ්ඩව පැයට කිලෝමීටර 295ක වේගයකින් සුළං හමන බවත් එය මෙතෙක් වාර්තාව වූ දීර්ඝතම කාලය යැයි ද ඉර්මා කුණාටුව මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම කුණාටුව යැයි ද ප්‍රංශ කාලගුණ බලධාරීහු කීහ. 

චන්ද්‍රිකා තාක්ෂණය ආරම්භ වූ දවසේ සිට අද දක්වා කාලය තුළ එතරම් ප්‍රබලත්වයක් එතරම් දීර්ඝ කාලයක් පැවැති බවක් වාර්තා වී නැතැයි ද එම බලධාරීහූ කීහ. 


(055)

 



අදහස් (1)

ඉර්මා ජීවිත 14ක් බිලිගනි

gallage Saturday, 09 September 2017 07:19 AM

මොනවද මේ කියන්නේ? ප්‍රංශයට දැඩි හානි...ප්‍රංශය තියෙන්නේ කොහෙවත් කොදෙව් දුපත් තියෙන්නේ කොහෙවත්නේ...

:       10       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site