IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඉරාන තෙල් වෙළෙඳාමේ ඇමෙරිකානු සම්බාධකවලට චීනයෙන් විරෝධය

ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවට චෝදනා කරමින් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල්, ඉරානයේ තෙල් වෙළෙඳ කටයුතුවලට එරෙහිව පනවා ඇති සම්බාධක ආසාධාරණ බවත්, ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් එක් වී, තනි රටකට එවැනි සම්බාධක පැනැවීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් චීනය පවසයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදය විසඳිය හැක්කේ රාජතාන්ති‍්‍රක සාකච්ඡුාවලින් පමණක් යැයි ද ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර සිටින චීන තානාපති ජෙන් ෂුඅං ඊයේ (12) මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. ඉරාන අර්බුදය දේශපාලනික මට්ටමෙන් සාමකාමීව විසඳීමට ආසියාවේ ආර්ථික බලවතා වන චීනය මැදිහත් වී කටයුතු කිරීමට සූදානමින් සිටින බව ද චීන රජය වෙනුවෙන් ජෙන් ෂුඅං මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය. ජෙන් ෂුඅං මෙසේ අදහස් දක්වා සිටියේ, ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පෙරේදා (11) රාති‍්‍රයේ කළ නිවේදනයකට ප‍්‍රතිචාර දක්වමිනි. එම නිවේදනයේ සඳහන් වූයේ ඉරානයේ තෙල් ගනුදෙනුවලට එරෙහිව ඇමෙරිකාව පැනැවූ වෙළෙඳ සම්බාධක ලබන 28 වැනිදා කි‍්‍රයාත්මක වන බවය. එම වෙළෙඳ සම්බාධක දැමීමෙන් ඇමෙරිකාව බලාපොරොත්තු වන්නේ ‘හිතුවක්කාර’ අන්දමින් න්‍යෂ්ටික කටයුතු සිදු කරන ඉරානය ලොවෙන් හුදෙකලා කිරීමය. ඉරානය තරයේ කියා සිටින්නේ තම න්‍යෂ්ටික වැඩසටහන රටේ බලශක්ති අර්බුදයට විසඳුමක් සෙවීමට කි‍්‍රයාත්මක වන බවත් පරමාණු බෝම්බ නිපදවීමක් තමන් සිදු නොකරන බවත්ය. ඉරානය සමඟ දැනට තෙල් ගනුදෙනු සිදුකරන නමුත්  ඇමෙරිකාවේ ඉල්ලීම පරිදි එම ගනුදෙනු නැවැත්වීමට කැමැත්ත පළ කළ ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් රැසකට තෙල් ගනුදෙනු සම්බන්ධයෙන් තමන් පනවා ඇති දැඩි කොන්දේසි ලිහිල් කරමින් සහනයක් ලබා දෙන බව ද ඇමෙරිකා රජය තීරණය කළේ යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම්ගේ නිවේදනයේ සඳහන් වෙයි. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව දකුණු අපි‍්‍රකාව, දකුණු කොරියාව, මැලේසියාව, තායිවානය සහ තුර්කිය යන රටවලට ද ලබන 28 වැනිදා සිට එම සහනය හිමිවේ. ඉරානයෙන් තෙල් මිලදී ගත් ජපානයටත් යුරෝපා සංගමයේ රටවල් 10 කටත් ඉකුත් මාර්තු මාසයේදී මෙවැනි සහනයක් හිමිවිය. මෙම රටවලට එකවරම ඉරානය සමඟ තෙල් ගනුදෙනු නවතා දැමීමට සිදුනොවන අතර නව ගනුදෙනුකරුවන් සොයා ගැනීමටත් නව වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමටත් සහන කාලයක් ලබා දීමට ඇමෙරිකා රජය කැමැත්ත පළ කර තිබේ. කෙසේ නමුත් එම සහනය චීනයට ලබා නොදෙන බව ඇමෙරිකාව පවසා ඇත. චීනය, ඉරානයෙන් තෙල් ගන්නා ප‍්‍රධාන රටකි. ඉරානයෙන් තෙල් මිලදී ගන්නා ප‍්‍රධාන පෙළේ තවත් රටක් වන  ඉන්දියාව, ඇමෙරිකාව පනවා ඇති මෙම තහංචි සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් නොදක්වන බව පෙනී ගොස් ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති. ඉන්දියාව ඇමෙරිකාවේ සමීපතම මිතුරෙකි. ආසියාවේ බලවතා වන චීනය ඇමෙරිකාවට අභියෝගයක් වෙද්දී, ඇමෙරිකාව ඉන්දියාවට සමීප වී සිටී. ඇමෙරිකාවේ තහංචි මඟහැර, තෙල් මිලදී ගැනීමට ක‍්‍රමවේදයක් සකස් කරන බව ඉන්දියාව පවසයි. මීට පෙර අවස්ථාවකදී ඉන්දීය රජය කියා සිටියේ ඉරානය සමඟ තෙල් ගනුදෙනු කරද්දී ඇමෙරිකන් ඩොලරය වෙනුවට මුදල් ඒකකයක් ලෙස රත්තරන් යොදා ගැනීමට කටයුතු කරන බවය.



අදහස් (0)

ඉරාන තෙල් වෙළෙඳාමේ ඇමෙරිකානු සම්බාධකවලට චීනයෙන් විරෝධය

මනොජ් Wednesday, 13 June 2012 01:07 PM

එන්න එන්න -ඉන්දියා ... !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26531 29

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18163 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10869 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 613 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 179 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 840 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site