ඉරාන ජනපති මහමුද් අහ්මඩිනෙජාඞ් කැදවා ප‍්‍රශ්න කිරීමට ඉරාන පාර්ලිමෙන්තුව සැරැසේ. ඒ ඉරානයේ මේ දිනවල ඇතිව තිබෙන දරුණු ආර්ථික අර්බුදය නිසාය බටහිර රටවල් ඉරානයට පනවා ඇති සම්බාධක නිසාවෙන් සිය රටට මෙවන් තත්ත්වයකට මුහුණ පෑමට සිදුව ඇතැයි පවසන ඉරාන පාර්ලිමෙන්තුව ජනපති අහ්මඩිනෙජාඞ් සිය වගකීම් පැහැර හැරීමෙන් මෙවන් තත්ත්වයක් ඇති වී යැයි චෝදනා කරයි.පාර්ලිමෙන්තු මන්ත්‍රී 77 දෙනකු වත්මන් ජනපතිවරයාට එරෙහිව පෙත්සමක්ද අත්සන් කර ඇත්තේය. ඉරාන නීතියට අනුව නිදහසට කරුණු දැක්වීමට ජනපති අහ්මඩිනෙජාඞ්ට මසක කාලයක් ලැබේ බටහිර රටවල් ඉරානයට සම්බාධක පනවා ඇත්තේ එරට කි‍්‍රයාත්මක වන න්‍යෂ්ඨික වැඩසටහන ලෝක සාමයට තර්ජනයක් බව කියමිනි. මේ සම්බාධක නිසා ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ඉරානයේ මුදල් ඒකකය වන රියාලය විශාල වශයෙන් බාල්දු වී ඇත. කෝ.වි
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS
ඇමෙරිකාවට න්‍යෂ්ඨික අවි තියාගන්න හොදයි. වෙන රටවල් වලට තමයි බැරි. (නි)
නාපාවල මහතා ලෝකය ගැන දකින අයුරු ඉතා නිවැරදියි. (නි)
අපි මොනවා කරන්නද ඉතින් නේද
ජයවේවා
ඉරාන ජනපති මැතිසබයට ආවොත් උත්තර නැති ප්‍රශ්ණයක් නොමැත. (ස)
ඒ කෙසේ වෙතත් ඒ රටේ නීතියට පුලුවන් රට අස්ථාවර වෙනකොට ජනාධිපතිව පාර්ලිමේන්තුවට ගෙනත් ප්‍රශ්න කරන්න. ලංකාවේ එහෙම පුලුවන්ද? (නි)
සුභපැතුම් ..... මම දන්නෙත් නැහැ
අපි මොනවා කරන්නද
තමාගේ අනසකට නැති විට විණ කටින එක ඇමරිකාවේ ක්‍රියා පිළිවෙතයි .ඉරාකයටත් මේ බොරුවම කියල ගැහුවා .පරමාණුක අවි කෑල්ලක්වත් තිබුනේ නැහැ .කොන්ඩලිසා රෛස්,බ්ලේක් ,ඔබාමා වැනි අය යුද්ධ කාලේදී අපට හති වැටෙනකල් විණ කෙටුවා. දැන් අපට අවම මිලට ඉරානයෙන් ලැබෙන තෙල් ගෙනෙන නැව්වලට ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ රැකවල්ලා තර්ජනය කර ආපසු යවනවා .මේ හේතුවෙන් කොලොන්නාව පිරිපහදුව වහන්න වෙලා. තෙල් වෙන රටකින් ගන්නවානම් ප්‍රවාහන ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉතා අධිකයි ..මිනිස් ජීවිත ගැන හිතනකොට දුකයි . (ස)
මම ඒ හැටි දන්නේ නැහැ ඒ සම්භන්දව
ලෝක දේශපාලනය
ඉරාණයේ අවසානය ආසන්නයි. (නි)
ජයවේවා
ඉරාකයේ සමූල ඝාතක අවි තිබෙනවා නම් එක ලෝකයට ප්‍රසිද්ධියේ කියන්න ඕන නැහැ.ඉරානය කියන්නෙ ආගමික අන්තවාදයට හොඳ තෝතැන්නක්,ඉතින් න්‍යෂ්ටික අවි හදන්න දුන්නොත් මොනවා කරාවිද කවුද දන්නෙ?ඇයි අර පේසාලෙන් අපි 1972 ඉඳන් තෙල් හොයාගන්නවා නේද?ඒවායින් දුවන්න බැරියැ.(ස)
ලාල් හරි. (නි)
ඉරානෙ අය හිතාගෙන ඉන්නෙ ඇමරිකා, ඊශ්‍රායල් වලින් ආයුධ ප්‍රහාරයක් එයි කියලා. ඒකට මුහුණ දෙන්නයි එයාලා ලෑස්තිවෙලා ඉන්නෙ. (නි)
ඉතින් හොදයිනේ
අපිට මොකද අනේ
ආපිට වැඩක් නැහැ (දී)