න්‍යෂ්ටික වැඩසටහනට මුවාවී ඉරානය හොර රහසේ න්‍යෂ්ටික අවි බොහෝ ප‍්‍රමාණයක් නිර්මාණය කර ඇති බවට බුද්ධි අංශ වාර්තා සනාථ කළැයි එක්සත් ජාතීන්ගේ පරමාණුක ශක්ති අධිකාරිය පවසයි. එක්සත් ජාතීන්ගේ පරමාණුක ශක්ති අධිකාරිය ඒ බව කියා සිටියේ පෙරේදා (3) එළිදැක්වූ ඔවුන්ගේ නවතම වාර්තාව මගින්ය. එහි පිටපත් මාධ්‍යවෙත ද නිකුත් කර ඇත. එම වාර්තාවේ පිටපතක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ද ලබා දී ඇති බවත් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් ඉරානය ගැන සාකච්ජා කිරීමට නියමිත බවත් පරමාණුක ශක්ති අධිකාරිය වැඩිදුරටත් කියා සිටියි. ඉරානය එම විනාශකාරී න්‍යෂ්ටික අවි නිපදවන්නේ රහස් ස්ථානයක පිහිටි භූ ගත බංකරයක් තුළදී බවත් එය ගුවන් ප‍්‍රහාරයකින් විනාශ කළ නොහැකි බවත් බුද්ධි අංශ වාර්තා තහවුරු කර ඇතැයි පරමාණුක ශක්ති අධිකාරිය එළිදැක්වූ එම වාර්තාවේ සඳහන් වේ. උතුරු කොරියාව සේම ඉරානයද ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල උදහසට ලක්ව සිටින්නේ ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන නිසාය. එහෙත් ඉරානය තරයේ කියා සිටින්නේ තමන් න්‍යෂ්ටික අවි නිපදවන්නේ නැති බවය. ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් ලෝකයාට පුනපුනා කියා සිටින්නේ තම න්‍යෂ්ටික වැඩසටහන ඉතා සාමකාමී එකක් බවත් එහි අරමුණ රටේ බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම බවත්ය. ඉරානය ඔවුන්ගේ හිතවතකු වන රුසියාවේ ද සහාය ඇතිව න්‍යෂ්ටික බලශක්ති බලාගාරයක් ඉදිරි කොට ඇති ඇමෙරිකාවෙන් ඊට ද දැඩි විරෝධයක් එල්ල විය.
2025 දෙසැම්බර් මස 16
36
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
832
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉරානය හොර රහසේ න්‍යෂ්ටික අවි නිපදවනවා