එක්සත් ජාතීන්ගේ 68 වැනි මහා මණ්ඩල සැසිවාරය අතරතුරේ ඉරානය සමඟ යහපත් සබඳතා ඇතිකර ගැනීමට සමත් වූ හෙයින්, ඉරානයට නව සම්බාධක පැනැවීම මදක් ප‍්‍රමාද කරන්නැයි ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා, කොංග‍්‍රස් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.
ජනපති ඔබාමා එම ඉල්ලීම කර ඇත්තේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉරානයට එරෙහිව නව වෙළෙඳ හා ආර්ථික සම්බාධක රැසක් පැනැවීමට සූදානම් වූ මොහොතකය.
ඇමෙරිකාව, ඉරානයට එරෙහිව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පනවා ඇත්තේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බව පවසමිනි.
එම සම්බාධක මාස කිහිපයකට වරක් අලූත් කෙරේ. පසුගියදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර, පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී , ඉරාන සහ ඇමෙරිකන් ජනපතිවරුන් අතර මුහුණට මුහුණ හමුවක් නොපැවැත්වුණ ද දුරකතන සංවාදයක් පැවැත්විණි.
සැසිවාරයට සහභාගීවූ, ඉරාන විදේශ ඇමැති මොහොමඞ් ජවාඞ් සරීෆ්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පමණක් නොව බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් සමඟ ද සාකච්ඡා පැවැත්වීය.
ජෝන් කෙරී සහ විදෙස් ඇමැති ජවාඞ් සරීෆ් අතර ඉකුත් සතිඅන්තයේ තවත් සාකච්ඡාවක් පැවැත්විණි. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ‘සෘජු සාකච්ඡාවක්’ පැවැත්වූ පළමු අවස්ථාවද එයවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් ටැංකියට දාන්න පොරොන්දු වෙන්න ඇති.ලංකාවේ අපි තේ ටැංකියට පිරෙව්වට වැඩක් නැහැ. ඔබාමා කෝපි නේ ටැංකියට දාන්නේ. (නි)
මේකට තමයි කියන්නේ කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කියලා (දී)
ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය ඇමරිකාවට ආදේශ කරා නම් ඔය ප්‍රශ්න නැහැ ඔබාමට නැතිනම් අපෙන් විසදුම් ඉල්ලන්න. කෙලිම්ම අපේ ජනාදිපති මහින්දට කතා කරලා විසදුමක් අහන්න. .(නදී)
අපට ඔය කොංග‍්‍රස් මණ්ඩල නැහැනේ. අපට හිතුන දේ අපි කරනවා.. (නදී)
අද ඇමරිකාවට එදා හිරෝශිමව අමතක වුන හැටි.(දී )