IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉරාක අගමැති - කුර්දි නායකයා උණුසුම් වචන හුවමාරුවක

 
එර්බිල් (ඒ.එෆ්.පී).
 
ස්වයං පාලනයක් සහිත ඉරාකයේ කුර්දි පළාතට නිදහස දිනා ගැනීම සඳහා පැවැති ජනමත විමසුමෙන් පසු ඉරාක ජනාධිපති හයිදර් අල් අබාදි සහ කුර්දි නායක මසූද් බර්සානි අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ. 
 
කුර්දි පළාතට නිදහස දිනාගැනීම උදෙසා පසුගිය 25 වැනි දා ජනමත විමසුමක් පැවැත්විණි. එහි ප්‍රතිඵල දැන් නිකුත් වෙමින් පවතින අතර බොහෝ දෙනකු කුර්දිස්තාන පළාතට නිදහස දිනාගැනීම වෙනුවෙන් ඡන්දය භාවිත කර ඇතැයි ද පැවසේ. 
 
කුර්දිස්ථාන ජනමත විමසුමේ ප්‍රතිඵලය ‘ඔව්’ වුවද කිසිදු අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවලට නොයන බව ඉරාක අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ. ජනමත විමසුමට ඉරාක අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ සහ එරට පාර්ලිමේන්තුවෙන් දැඩි විරෝධයක් එල්ල විය. එපමණක් නොව අසල්වැසි රටවල් වන ඉරානය, තුර්කිය ඇතුළු ජාත්‍යන්තරයෙන්ද විරෝධය එල්ල විය. කෙසේ නමුත් කුර්දිවරුන්ට වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහා සහාය වන බව ඊශ්‍රාය අගමැති බෙන්ජමින් නෙදන්යාහු මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කළේය. 
 
‘සාකච්ඡාවලට තිබෙන දොර වහන්න එපා. සියලු අර්බුදවලට විසඳුම සාකච්ඡාව” යැයි කුර්දි පළාතේ අගනුවර වන එර්බිල්හිදි ප්‍රකාශය කළේය. ඔහු අදහස් දක්වන අවස්ථාවේදී එය සජිවීව විකාශය කරන ලදි. ‘අපි සාකච්ඡාවලට විවෘතයි. ඒ බව ජාත්‍යන්තර ප්‍රජාවට කිව යුතු” යැයි ද කුර්දි නායකයා පැවැසීය. 
 
ඉරාක රජයේ පාලනයට අනුව කටයුතු නොකළහොත් කුර්දි පළාතේ එර්බිල් සහ සුලෙයිමනියාහ් හි පිහිටි ගුවන් තොටුපොළ දෙක දින තුනක් ඇතුළත දී වසා දමන බවත් එම ගුවන් තොටුපොළවලට ජාත්‍යන්තර ගුවන් යානා නවතා දැමීමට කටයුතු කරන බව ද කීවේය. 
 
‘ව්‍යවස්ථාවට අනුව අපි කටයුතු කරනවා. ඒ අනුව අවශ්‍ය වුවහොත් නීතිමය පියවර ගන්නවා. අපි සාකච්ඡාවලට සූදානම්. එහෙත් ජනමත විමසුම හෝ එහි ප්‍රතිඵලවලට අනුව සාකච්ඡා පවත්වන්නේ නැහැ. අපි අපේ සමඟය එකමුතුව දිගින් දිගටම පවත්වාගෙන යා යුතුයි. අපේ වගකීම් ඉටු කළ යුතුයි. ඉරාකයේ ස්වෛරීත්වය කිසිදු අවස්ථාවක පහත හෙළන්නේ නැහැ. අපේ ජාතික වගකීම් ඉටු කරනවා” යැයි ද ඉරාක අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 
 
(055)



අදහස් (1)

ඉරාක අගමැති - කුර්දි නායකයා උණුසුම් වචන හුවමාරුවක

kumar (galf) Thursday, 28 September 2017 06:52 AM

කුර්දිස්වරු ලෝකයේ පැරණිම ශිෂ්ටාචාරයකට උරුමකම් කියන පැරණිම ජාතීන්. සටන්නායක සලහුදීනුත් මේ කුර්දිස් ජාතිකයෙක් තමයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31308 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13500 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 108 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 933 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site