ඇමෙරිකාවට ගැති වාල්කම් නොකරන ලෙසත්, පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිට වහා ධුරයෙන් ඉවත් වන ලෙසත් බල කරමින් ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ නායක ඉම්රාන් ඛාන් ලක්ෂයකට වැඩි පිරිසක් පිරිවරාගෙන පෙරේදා (30) ලාහෝර් නුවර දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විය.
පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබුණේ මීට පෙර ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ රැලියකට මෙතරම් විශාල ජනකායක් සහභාගී නොවූ බවය. සංවිධායකයන් කියා සිටියේ 150,000 ක් රැුලියට සහභාගී වූ බවය.
රැලියට සහභාගී වීමට පාකිස්තානයේ නන් දෙසින් බස්, ට‍්‍රක් රථ, වෑන් සහ ට‍්‍රැක්ටර්වලින් ද ජනතාව ඇදී ආ බව මාධ්‍ය වැඩි දුරටත් කියා සිටියි. රැලියට පැමිණි මහා ජනකාය පාලනය කිරීමට ලාහෝර් නුවර පොලිසිය සහ හමුදාව අසමත් වූ බවද වාර්තා වේ.
රැලියට සහභාගී වූ පිරිස අමතමින් ඉම්රාන් ඛාන් කියා සිටියේ පාකිස්තාන රජය, ඇමෙරිකාවේ වාලකු නොවිය යුතු බවත් ඇමෙරිකාවට ගැතිකම් නොකළ යුතු බවත්ය. පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරි ප‍්‍රමුඛ රජය ඇමෙරිකාවේ පදේට නටන බවටත් ඉම්රාන් ඛාන් චෝදනා කළ අතර ඔහු වැඩි දුරටත් කියා සිටියේ ජනපති සර්දාරි ධුරයෙන් ඉවත් විය යුතු බවය. ඇමෙරිකාව සමඟ මිතුදමක් පැවැතිය යුතු නම් එය වාල්කමක් නොවිය යුතු බවත් ඉම්රාන් ඛාන් අවධාරණය කළේය.
රැස්ව සිටි පිරිස ඊට ප‍්‍රතිචාර දක්වමින් පී‍්‍රති ඝෝෂා පවත්වන්න වූ අතර ඔවුන් එක හඬින් කෑ ගසන්න වූයේ ‘පාකිස්තානයේ ගැලවුම්කරු ඉම්රාන් ඛාන්, කියාය.
පාකිස්තානයේ අසහාය කි‍්‍රකට් විරුවකු වන ඉම්රාන් ඛාන් (58) දේශපාලනයට පිවිස වසර 15 ක් ගත වී ඇත. ඔහු විසින් පිහිටුවනු ලැබූ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය මීට පෙර අවස්ථා ගණනාවකදී ද ඇමෙරිකාව එල්ල කරන ඩ්‍රෝන ප‍්‍රහාරවලින් පාකිස්තාන සිවිල් වැසියන් ඝාතනය වීම සම්බන්ධයෙන් වීදි බැස විරෝධතා රැළි පවත්වා තිබේ.
ඉම්රාන් ඛාන්, පෙරේදා (30) පැවැති රැළියේ දී ඇමෙරිකා රජයෙන් ද ඉල්ලීමක් කළේය. පාකිස්තානය ඇමෙරිකාවේ වාලකු නොවන බවත් පාකිස්තානයේ ස්වෛරීත්වයට ගරු කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය. පාකිස්තානය තම වාලකු ලෙස ඇමෙරිකාව සලකන්නේ නම් පාකිස්තානය ඇමෙරිකාව සමඟ ඇති සියලූම මිතුදම් නැවැත්විය යුතු බව ද ඉම්රාන් ඛාන් පෙන්වා දුන්නේය.
2025 නොවැම්බර් මස 17
86
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
925
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2541
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඉම්රාන් ඛාන් ලක්ෂ ගණනක් සමඟ රජයට එරෙහිව වීදි බසී
anusha prasad Wednesday, 02 November 2011 09:49 PM
හරි හොදයි