
අසල්වැසි ඉන්දියාව සමඟ හොඳ හිත වර්ධනය කර ගනිමින්, කලාපීය සාමය සහ ආර්ථිකය කේන්ද්‍රකොටගත් පුළුල් ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පියවර ගෙන තිබේ.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පෙන්වා දෙන අන්දමට පාකිස්තාන දේශපාලන කණ්ඩායම් සහ විද්වතුන් එක් වී කිසිදු භේදයකින් තොරව මෙම නව ආරක්ෂක ප්‍රතිපත්තිය සකස් කර ඇත්තේ පසුගිය වසර 7 ක කාලය තිස්සේය.
විවිධ අංශවල ප්‍රතිපත්ති එකිනෙක සම්බන්ධ කරමින් මෙම නව ප්‍රතිපත්තිය සකස් කර ඇති බව ද පැවැසෙයි. නව ජාතික ප්‍රතිපත්තියේ ප්‍රමුඛත්වය හිමිවන්නේ, ආර්ථියක සහ ආරක්ෂාව කෙරෙහි යැයි අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැහැදිලි කර ඇත.
"මෙම නව ප්‍රතිපත්තිය ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම අපේ රටේ ආර්ථික සුරක්ෂිතතාවයට ඉමහත් දායකත්වයක් සපයනු ඇතැයි මා විශ්වාස කරනවා" යැයි අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මොස් පැහැදිලි කළේ පසුගිය සිකුරාදා (14) නව ජාතික ප්‍රතිපත්තිය හඳුන්වා දෙමින් ඉස්ලමාබාද් අගනුවර පැවැති උත්සවයේදීය.
නව ආරක්ෂක ප්‍රතිපත්තිය හරහා අසල්වාසීන් (විශේෂයෙන් ඉන්දියාව) සමඟ සාමය ස්ථාපිත කර ගනිමින්, පාකිස්තානය භූ ආර්ථිකමය වශයෙන් වැදගත් වෙෙළඳ හා ආයෝජන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම තම අරමුණ බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.
ඉන්දියාව මෙන්ම පාකිස්තානය ද න්‍යෂ්ටික බලවතුන්ය. 1947 වසරේ සිට මේ දක්වා ඉන්දියාවත් පාකිස්තානයත් අතර අවස්ථා කීපයකදී යුද ගැටුම් හටගත්තේය. අවසන් වරට දෙරට අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වූයේ 2019 දීය.
එයින් පසු පාකිස්තානයත් ඉන්දියාවත් අතර එදිරිවාදිකම් තවත් වැඩි විය. ඉන්දියාව තරයේ විශ්වාස කරන්නේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් විශ්වාසය තැබිය හැකි පුද්ගලයකු නොවන බවටය.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 30
98
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
364
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉම්රාන්ගෙන් නව ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක්