ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධව සිම්බාබ්වේහි හරාරේ අගනුවර සිම්බාබ්වේ වැසියෝ අද විරෝධතාවක නිරත වූහ.විරෝධතාකරුවෝ ටයර් පුළුස්සා පාරවල් අවහිර කරමින් විරෝධතා දැක්වූහ.
ගැඹුරු ආර්ථික අර්බුදයක් වැළැක්වීම සඳහා ඉන්ධන මිල ඉහල දැමීම ජනාධිපති එමර්සන් මනන්ග්වා නිවේදනය කිරීමෙන් පසුව මෙම විරෝධය ආරම්භ කරන ලදී.ඉන්ධන මිල 150 % කින් වැඩිකර ඇති අතර මේ වන විට සිම්බාබ්වේ හි විරැකියාවෙන් පෙළෙන්නන් ගණන 80 %කට වඩා වැඩිය.
සිම්බාබ්වේ රජය බලශක්ති නියාමන ඒජන්සිය හරහා ඉන්ධන මිලදී ගනී.මුදල් හිඟකම් හේතුවෙන් සිම්බාබ්වේ ආර්ථිකය දුර්වල වී ඇති අතර එයට විසඳුමක් ලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.
මෙසේ මිල වැඩි කිරීම නිසා අද ආරම්භ වූ විරෝධයත් සමඟ දින තුනක වැඩ වර්ජනයක නිරත වීමට අදහස් කර ඇත.අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් වෙළඳසැල් වසා දමා ඇති අතර පොලිසිය විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කටයුතු කළේය.
රොයිටර් ඇසුරෙනි
63226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd