IMG-LOGO

2024 ජුලි මස 13 වන සෙනසුරාදා


ඉන්ද්‍රිය බද්ධ කිරීමේ පෙරැළියක්

මිනිස් ඉන්ද්‍රියන් සිරුරෙන් බැහැරව වුවද කි‍්‍රයාකාරී තත්ත්වයේ පවත්වා ගැනීමේ සමත් උපකරණයක් නිපදවීමට ඇමරිකා විද්‍යාඥයින් පිරිසක් සමත්ව සිටිති.

මෙය වැදගත් වනු ඇත්තේ ඉන්ද්‍රිය බද්ධ සිදුකරන ශල්‍යකර්ම වලදී බව ඔවුන් කියයි.

දැනට ඉන්ද්‍රිය බද්ධයක් සිදුකරන්නේ නම් ශල්‍යකර්මයට පෙර සිදුකළ යුතු කටයුතු බොහෝමයක් ඇත.

පරිත්‍යාගිකයින්ගෙන්  ලබා ගැනෙන අක්මාවක්,හෘදයක්,වකුගඩුවක්,පෙනහැල්ලක් වැනි ඉන්ද්‍රියන් අදාළ රෝගියාට එක්වනම බද්ධ කිරීම සිදුනොකෙරෙන අතර රෝගියා ශෛල්‍යකර්මයට සූදානම් කෙරෙන තෙක් එම ඉන්ද්‍රිය රඳවා තබා ගනුයේ අධි ශීත පරිසරයකය.අනතුරුව බද්ධ කිරීම සිදුකිරීමට යාමේදී යළිත් එම ඉන්ද්‍රිය අධි ශීත පරිසරයෙන් මුදවා ලීමටත් ඉන්ද්‍රියේ ආරක්ෂාවට එයට කිසියම් රසායන ද්‍රව්‍යයන් යොදා ඇත්නම් ඒවා ඉවත් කිරීමටත් සිදුවේ.

කෙතරම් කල් තබා ගැනීමේ උපක‍්‍රම භාවිතා කළත් නැවත මිනිස් සිරුරකට බද්ධ කිරීමට නම් මිනිස් ඉන්ද්‍රියක් සංරක්ෂණය කර තබා ගත හැකි කාලසීමාවක් තිබේ.පැය 20 ක් වැනි කාලයක් සංරක්ෂණය කර තබා ගත හැකි වකුගඩු වලට ඉහළම සංරක්ෂණ කාලය තිබෙන අතර හෘදයක් හෝ පෙනහැල්ලක් වැනි අවයවයක් යළිත් බද්ධ කෙරෙන තෙක් සංරක්ෂණය කර තබාගත හැක්කේ පැය 5 - 6 වැනි කාලයක් පමණි.

නව උපකරණයෙන් ඉන්ද්‍රියක් ශල්‍යකර්මයකට ගැලපෙන සේ සකස් කර ගැනීමට මේ තරම් කරදර වීමට සිදුනොවනු ඇතැයි එහි නිර්මාපකයෝ කියති.

කුඩා ප්ලාස්ටික් බෑගයක් හා සම වන මේ උපකරණයට හෘදයන් ස්පන්දනය කරවීමට,අක්මාවෙන් පිත නිපදවීමට,පෙනහලූ කි‍්‍රයාකාරී තත්ත්වයේ පවත්වාගැනීමට,වකුගඩු වලින් මුත‍්‍රා නිපදවීමට ආදී ලෙස එයට යොදන ඉන්ද්‍රියන් කි‍්‍රයාකාරීව පවත්වාගත හැකි යැයි සදහන්වේ.විද්‍යාඥ පිරිසට අනුව මෙම උපකරණය ආධාරයෙන් ශල්‍යකර්මයේදී කෙළින්ම අදාළ ඉන්ද්‍රිය බද්ධ කිරීමට වෛද්‍යවරුන්ට හැකිය.

ඉන්ද්‍රිය කි‍්‍රයාකාරී තත්ත්වයේම පවත්වාගත හැකි නිසා තවදුරටත් සංරක්ෂණ කාලය ගැන වදවිය යුතු නැතැයිද විද්‍යාඥ යෝ පවසති.

උපකරණයේ පිහිටෙන් ජීවී තත්ත්වයේම පවත්වාගත් පෙනහැල්ලක් පසුගියදා ඇමරිකා කාන්තාවකට බද්ධ කළ අතර සැත්කමින් පසුව ඇය දැන් සුවෙන් සිටින වෛද්‍යවරු කියති.

දැනට ඇමරිකාවේ රෝහල් කිහිපයක්ම මෙම උපකරණය භාවිතයට ගෙන තිබෙන අතර ඉදිරියේදී එය රට පුරා ව්‍යාප්ත කිරීමටත් උපකරණයේ වැඩිදියුණු කළ සංස්කරණයන් හදුන්වාදීමටත් විද්‍යාඥයෝ පිරිස බලාපොරොත්තුවෙන් සිටිති.

 



අදහස් (0)

ඉන්ද්‍රිය බද්ධ කිරීමේ පෙරැළියක්

විද්‍යා Thursday, 13 February 2014 12:37 AM

හෙලී කින කතාව ඇත්ත. උතුම් ඉතිහාසයක් ගෙන උදම් අනමින් අනාගතයට වල කපන ජාතියක් . අපේ දොස්තරලා ගොඩක් අය බටහිර රටවලට ගිහින් තමඊ අලුත් දේවල් ඉගන ගත්තේ. (දී)

:       0       0

jeevan Monday, 10 February 2014 03:55 AM

මේවා බටහිරින් එන නිසා අපට එපා...(අ)

:       0       0

හේලි Monday, 10 February 2014 07:51 AM

ජීවන් නියම කතාව! අපි ඉතින් මේවත් ප්‍රතික්ෂේප කරලා ඉතිහාසය ගැන උදම් අනමින් ඉඳිමු! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

නේපාල බස් රථ දෙකක් ගගකට පෙරළෙයි
2024 ජුලි මස 12 1707 0

නේපාලයේ මගී බස් රථ දෙකක් ත්‍රිශූලි නමැති ගංගාවට පෙරැළී සිදුවුණු අනතුරකින් ඒවායේ සිටි මගීන් 65 ක් ජිවිතක්ෂයට පත්වූහ. මියගිය මගීන් අතර ඉන්දියානුවන් කීප


බයිඩන් සෙලෙන්ස්කීට පුටින් කියයි
2024 ජුලි මස 12 1956 2

නිතර නිතර දිව පටලවා ගන්නා ඇමෙරිකානු ජනාධිපති බයිඩන් පසුගියදා නේටෝ සමුළුව අවසානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස්ට උප ජනාධිප


ඇමෙරිකන් දිගු දුර මිසයිල ජර්මනියට
2024 ජුලි මස 12 307 0

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පැවැත්වුණු ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ 75 වැනි සමුළුවේදී, දිගු දුර මිසයිල ජර්මනියට ලබා දීමට ඇමෙරිකා


සතියකට 1,700 ක් ‘කොව්ඩ්’ වලින් මැරෙනවා
2024 ජුලි මස 12 3626 1

‘කොවිඩ් 19’ වයිරසය සැර බාල වී ඇති නමුත්, එය තවමත් ලොවට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස් ජිනිවා නුවර පැවැති මාධ


බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම මෛත්‍රීයයි
2024 ජුලි මස 11 4097 12

බුදුරජාණන් වහන්සේ ඉගැන්වූයේ සාමය මිස යුද්ධය නොවන බව, ඔස්ටි්‍රයාවේ වියානා අගනුවරට ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර, එරට ඉන්දීය ප්‍රජාව අමතමින් පැහැ


ඉන්දියාවේ බස් රථ අනතුරකින් 18 ක් මරුට
2024 ජුලි මස 10 647 0

උතුරු ඉන්දියාවේ සිදුවුණු බස් රථ අනතුරකින් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එම 18 දෙනා අතරේ කුඩා දරුවකු ද සිටින බව පැවැසෙයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 902 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1784 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3743 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site