ජම්මු හා කාෂ්මීර් නව ෆෙඩරල් පරිපාලන ප්‍රදේශ දෙකක් ලෙස විධිමත්ව බෙදීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.
මෙම නව සැකැස්ම තුළ ජම්මු හා කාෂ්මීරය එක් භූමි ප්‍රදේශයක් වන අතර චීනයට මායිම්ව ඇති ලඩාක් වෙන්කර ඇත.
දිල්ලි අගනුවර සිට නව ඒකාබද්ධ බලප්‍රදේශ පාලනය කෙරෙනු ඇතැයි සඳහන් වේ.
"දැන් ෆෙඩරල් වාදයේ සැබෑ එකමුතුව දැකගන්න පුළුවන්, නව මහාමාර්ග, නව දුම්රිය මාර්ග, නව රෝහල්, නව පාසල් ජම්මු කාෂ්මීර ජනතාවගේ සංවර්ධනය උසස් ස්ථානයකට ගෙන යනු ඇති" යැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජනතාව අමතමින් පවසා ඇත.
මෙය පසුගිය අගෝස්තු මාසයේදී ඉන්දියානු රජය කාෂ්මීර ප්‍රදේශය සඳහා ගනු ලැබූ මතභේදාත්මක පියවරේ කොටසක් ලෙස විචාරකයින් සඳහන් කර ඇත.
කාෂ්මීරය දීර්ඝ කාලයක් තිස්සේ ලෝකයේ භයානක කේන්ද්‍රස්ථානයන්ගෙන් එකක් වන අතර එය සම්පූර්ණයෙන් හමුදා පාලනයට යටත් වූ ප්‍රදේශයකි.
ඉන්දියාව හා පකිස්ථානය කාෂ්මීරයට පූර්ණ ලෙස හිමිකම් කියන නමුත් එහි සමහර කොටස් පමණක් පාලනය කරයි.
(බිබිසී ඇසුරිණි - 085)
COMMENTS